. දෙවැනි තැන සොයන සටනක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
දෙවැනි තැන සොයන සටනක්
2014-07-05 16:38:28 | .


ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (6 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලිය අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය ලබාගැනීම සඳහා වන සටනක් බවට පත්ව තිබේ.

මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට (112) ඉන්දියානු (112) පිලට වඩා දශම කිහිපයකින් පසුපසින් සිටියද තරගාවලිය ජයගතහොත් ප‍්‍රසාද ලකුණු 113 ක් ලබාගනිමින් කිසිදු සටනකින් තොරවම දෙවැනි ස්ථානය අත්කරගත හැකිය.

ශ්‍රේණිගත සටහනේ එංගලන්තය සමග සම ලකුණු (109) ලබා සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තමන් ඉදිරියේ ඇති තරග තුනම ජයගතහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගත හැකිවන්නේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව පහළ බසින බැවිනි.

කෙසේ වෙතත් මෙවර ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා එක්දින තරගාවලිය සැලසුම් කර ඇති ආකාරය අනුව තරග දෙකක්ම දිවා තරග වන බැවින් තරගාවලියේ වැඩි වාසිය ශී‍්‍ර ලංකා පිල සතුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

විශේෂයෙන්ම දිවා තරග දෙකේදී දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට දැඩි සූර්ය තාපයකට මුහුණ දීමට සිදුවන අතරම එම තත්ත්වය ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන්නන්ට වඩාත් හිතකර ලෙසින්ද බලපානු ඇත.


අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
ස්ථානය  රට  ප්‍රසාද ලකුණු
1 ඕස්ට්‍රේලියාව  115
2 ඉන්දියාව 112
3 ශ්‍රී ලංකාව 112
4 එංගලන්තය  109
5 දකුණු අප්‍රිකාව  109
6 පාකිස්තානය  100
7 නවසීලන්තය  98
8 බ. ඉ. කොදෙව් 94
9 බංග්ලාදේශය 72
10 සිම්බාබ්වේ 61
11 ඇෆ්ගනිස්ථානය 34
12 අයර්ලන්තය 33

 

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
ස්ථානය  ක්‍රීඩකයා රට  ප්‍රසාද ලකුණු
1 ඒ. බි. ඩිවිලියර්ස්  දකුණු අප්‍රිකාව  872
2 විරාට් කෝලි ඉන්දියාව 868
3 ජෝර්ජ් බේලි ඕස්ට්‍රේලියාව 856
4 හෂිම් අම්ලා දකුණු අප්‍රිකාව  840
5 කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව  821
6 මහේන්ද්‍ර සිං දෝනි  ඉන්දියාව 771
7 තිලකරන්ත ඩිල්ෂාන් ශ්‍රී ලංකාව  732
8 මිස්බා උල් හක් පාකිස්තානය  715
9 රොස් ටේලර් නවසීලන්තය 713
10 ශිකර් ධවාන්  ඉන්දියාව 712

 

එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම
ස්ථානය  ක්‍රීඩකයා රට  ප්‍රසාද ලකුණු
1 සයිඩ් අජ්මාල්  පාකිස්තානය  789
2 ඩේල් ස්ටේන්  දකුණු අප්‍රිකාව 742
3 සුනිල් නරේන්  බ.ඉ. කොදෙව් 714
4 ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය 706
5 ලොන්වායෝ සොසොබේ දකුණු අප්‍රිකාව 674
6 මෝර්නි මෝකල්  දකුණු අප්‍රිකාව 673
7 ක්ලින්ට් මැකේ  ඕස්ට්‍රේලියාව 666
‍8 රවින්ද්‍ර ජදේජා ඉන්දියාව 666
9 මිචෙල් ජොන්සන් ඕස්ට්‍රේලියාව 639
10 මොහොමඩ් හ*Sස්  පාකිස්තානය  637

 

එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන්  ශ්‍රේණිගත කිරීම
ස්ථානය  ක්‍රීඩකයා රට  ප්‍රසාද ලකුණු
1 මොහොමඩ් හෆීස්  පාකිස්තානය  417
2 ශකීබ් අල් හසන් බංග්ලාදේශය 371
3 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව  370

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...