. කුක් නායකත්වයෙන් ඉවත් වන්නේ නැතිලූ | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
කුක් නායකත්වයෙන් ඉවත් වන්නේ නැතිලූ
2014-07-23 21:06:04 | .


ඉන්දියාව සමග ලෝඞ්ස් කි‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ලකුණු 95 කින් පරාජයට පත්වුවත් තමන්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට අදහසක් නොමැති බව එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇලිස්ටෙයාර් කුක් පවසයි.

එම තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 233 ක් පමණි. එම පරාජයත් සමග ඉන්දියාව එරෙහිව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඇලිස්ටෙයාර් කුක්ගේ නායකත්වය යටතේ එංගලන්ත කණ්ඩායම සහභාගී වූ අවසන් ටෙස්ට් තරග 9 න් 7 ක්ම පරාජයට පත්වී ඇති අතර අනෙක් තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

එම පරාජයන් වලට අළු බඳුන තරගාවලියේදී ලද 5-0 ක පරාජය, ශ්‍රී ලංකාව සමග පැවැති තරගාවලියේදී ලද 1-0 ක් පරාජය සහ ඉන්දියාව සමග මේ දින වලදී පැවැත්වෙන තරගාවලියේදී ලබා සිටින 1-0 ක පසුබෑම ඇතුළත්වේ. එංගලන්ත පිලට ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය සහ ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මයිකල් වෝන් සහ ඇලෙක්ස් ස්ටුවර්ට්, එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ කුක් නායක්වයෙන් ඉවත් කර නැවතත් ඔහුට ලකුණු අතරට පැමිණීම සඳහා ඉඩ හසර සකසා දෙන ලෙසයි.

කෙසේ නමුත් තමන් කී‍්‍රඩා කළ අවසන් ඉනිම් 27 දී එකදු ශතකයක් හෝ රැස්කිරීමට අසමත්ව සිටින වත්මන් එංගලන්ත නායකයා මේ සම්බන්ධයෙන් දරන අදහස වී ඇත්තේ තරගාවලියක් අතර මැද කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම එතරම් යහපත් කි‍්‍රයාවක් නොවන බවයි.

 

එංගලන්ත නායකයන්ගේ පිතිහරඹයේ දස්කම්
ක්‍රීඩකයා  ක්‍රීඩා කළ තරග (නායකයකු ලෙස) නායකයකු ලෙස‍ සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සාමාන්‍ය
ඩේවිඩ් ගවර්  117 (32) 43.59 44.5
මයික් ගැටින්  79 (23)  44.05 32.21
ග්‍රැහැම් ගෝච් 118 (34) 58.72 35.93
ඇලෙක්ස් ස්ටුවර්ට්  133 (15)  39.22 39.59
මයිකල් ඇතර්ටන් 115 (54)  40.58 35.25
නසර් හුසේන්  96 (45) 36.04 38.1
මයිකල් වෝන්  82 (51) 36.02 50.95
ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් 79 (11) 33.23 31.53
ඇන්ඩෘ ස්ට්‍රාවුස්  100 (50)  40.76 41.04
ඇලෙස්ටෙයාර් කුක්  106 (25)  42.36 46.36
       
දත්ත සටහන - රොයිටර් ඇසුරිනි    


- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...