. එස්. එස්. සී. පිටියේ මහේලගේ ශතක ලබාගැනීම | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
එස්. එස්. සී. පිටියේ මහේලගේ ශතක ලබාගැනීම
2014-07-24 18:46:34 | .

තම කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණය වන එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී 11 වැනි ටෙස්ට් ශතකය අද (24 වැනිදා) ලබාගත් මහේල ජයවර්ධන අවසන් වරට එහිදී ශතකයක් ලබාගත්තේ මීට වසර 4 කට පෙර, එනම් 2010 වසරේදී ඉන්දියාවට එරෙහිවය. එම තරගයේදී ලකුණු 174 ක් ලබාගත්තද ඉන් පසුව එම කී‍්‍රඩාංගණයේදී පැවති ටෙස්ට් තරග 2 කට සහභාගීවූ මහේලට ඉනිම් 3 ක් තුළ ලබාගැනීමට හැකිවී තිබුණේ එක් අර්ධ ශතකයක් (ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) පමණි.

මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් තරග 147 කට සහභාගී වී සිටින මහේල, එහිදී ඉනිම් 247 ක් තුළ ලකුණු 11,646 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටියි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වන්නේ 50.38 ක් ලෙසිනි.

කෙසේ වුවත් එළඹෙන පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති මහේලට තමාගේ කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ තවත් එක් අවස්ථාවක් පමණි. ඒ පාකිස්තානය සමග අගෝස්තු මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන ටෙස්ට් තරගයයි.


එස්. එස්. සී. පිටියේදී මහේලගේ ශතක ලබාගැනීම

එස්.එස්.සී. පිටියේදී මහේලගේ ටෙස්ට් ශතක
  වසර රට ලකුණු
1 1998 ඉන්දියාව 242
2 2000 දකුණු අප්‍රිකාව 101*
3 2001 ඉන්දියාව 139
4 2001 බංගලාදේශය  150
5 2003 එංගලන්තය 134
6 2006 දකුණු අප්‍රිකාව 374
7 2007 බංගලාදේශය  127
8 2007 එංගලන්තය 195
9 2008 ඉන්දියාව 136
10 2010 ඉන්දියාව 174
11 2014 දකුණු අප්‍රිකාව 140*


- 036

ඡායාරූපය - ශාන්ත රත්නායක

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...