. සංගා - මහේල ටෙස්ට් සම්බන්ධතා සදහටම අවසන් | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
සංගා - මහේල ටෙස්ට් සම්බන්ධතා සදහටම අවසන්
2014-08-17 18:32:54 | දමින්ද විජේසූරිය

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17 වැනිදා) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එක්කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ශතක සම්බන්ධතා ගොඩනැංවූ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය අත්කරගත්හ.  

ටෙස්ට් තරග වලදී ලොව වැඩිම ශතක සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන් දෙදෙනා වන්නේ ටෙස්ට් තරග 143 කදී එක්ව කී‍්‍රඩා කරමින් ශතක සම්බන්ධතා 20 ක් ගොඩනැංවූ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාය. මහේල සහ සංගක්කාර දෙදෙනා තරග 120 කදී කී‍්‍රඩා කරමින් ශතක සම්බන්ධතා 19 ක් ගොඩනැංවූහ.

ටෙස්ට් පිතිකරුවන් කඩුලූ සම්බන්ධතාවලින් එක්රැස්කරගත් ලකුණු සංඛ්‍යාව අනුවද මහේල සහ සංගක්කාර දෙදෙනා දෙවැනි තැන ගෙන සිටිති. ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතා වලින් ශී‍්‍ර ලංකා පිලට එක්වූ ලකුණු සංඛ්‍යාව 6554 කි.

එහිදී මෙම විශිෂ්ට පිතිකරුවන් දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ තවත් අති විශිෂ්ට ගණයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වූ බටහිර ඉන්දීය ¥පත් පිල නියෝජනය කළ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් දෙදෙනාය.

වසර 2000 දී ගාල්ල කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගයේදී මහේල ජයවර්ධන අති විශිෂ්ට ලකුණු 167 ක් ලබාගත් අතර එම තරගයේදී අංක 5 පිතිකරුවා වශයෙන් පැමිණි සංගක්කාර ලබාගත්තේ ලකුණු 23 ක් පමණක් වූ නමුත් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 81 කි. සංගක්කාර - මහේල කඩුලූ සම්බන්ධතාව ආරම්භ වූයේ එතැනිනි.

එයින් වසර 14 කට පසුව මහේලගේ සමුගැනීමේ තරගයේදී ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ඔසවා තැබූ මෙම විශිෂ්ට පිතිකරුවන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ සම්බන්ධතාව ලකුණු 107 කි.

සියලූ යහපත් දේ මෙන් සංගක්කාර - මහේල කඩුලූ සම්බන්ධතාවද ඒ පිළිබඳ සුන්දර මතක සටහන් ඉතිරි කරමින් මේ වන විට නිමාව වී තිබේ. එය නැවත කිසි දිනෙක ටෙස්ට් පිටියකදී දැකගත හැකි නොවනු ඇත.

 

ටෙස්ට් සම්බන්ධතා වලින් ලකුණු 6000 ඉක්මවූ පිතිකරුවෝ      
පිතිකරුවෝ  ඉනිම ලකුණු හොඳම සාමා.
රාහුල් ද්‍රාවිඞ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 143 6920 249 50.51
කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව) 120 6554 624 56.5
ගොර්ඞ්න් ගි‍්‍රනිජ් - ඩෙස්මන්ඞ් හේන්ස් (බ.ඉ.කොදෙව්) 148 6482 298 47.31
මැතිව් හේඞ්න් - ජස්ටින් ලැන්ගර් ( ඕස්ටේ‍්‍රලියාව) 122 6081 255 51.53

 

ටෙස්ට් ශතක සම්බන්ධතා 15 ට වැඩියෙන් පැවැත්වූවෝ  
පිතිකරුවෝ  ඉනිම ශ.ස.
රාහුල් ද්‍රාවිඞ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 143 20
කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව) 120 19
මැතිව් හේඞ්න් - රිකී පොන්ටිං ( ඕස්ටේ‍්‍රලියාව) 76 16
ගොර්ඞ්න් ගි‍්‍රනිජ් - ඩෙස්මන්ඞ් හේන්ස් (බ.ඉ.කොදෙව්) 148 16

 

 

ධනු2014-08-17 20:57:45
ඇත්තටම පුදුම දුකක් දැනෙන්නේ.. හැමදේම අනිත්‍යයි කියලා හිතන්න තවත් හොඳ උදාහරණයක්...
ජයා2014-08-18 13:21:31
මගේ අදහස නම් මේ වාර්තා ටික බිදහෙළලාම සමුගන්න කියන එක... ඔය වාර්තාව කැඩිම බොහෝම අපහසු එකක් එතකොට ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රීලංකාවේ නම සහ ඔවුන්ගේ නම් ඉහලින්ම වැජඹෙනවා කොහොම උනත් ඔවුන්ට සුභපතනවා...
සම්පත්2014-08-18 22:50:30
මගේ අදහස නම් මේ වාර්තා ටික බිදහෙළලාම සමුගන්න කියන එක... ඔය වාර්තාව කැඩිම බොහෝම අපහසු එකක් ... එතකොට ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රීලංකාවේ නම සහ ඔවුන්ගේ නම් ඉහලින්ම වැජඹෙනවා කොහොම උනත් ඔවුන්ට සුභපතනවා.
මහේෂ් කුමාර2014-08-19 11:23:28
මහේල නම් ගියා... සංගක්කාර තව ටික දවසකින් යයි..මාලිංගයි, ඩිල්ෂානුයි සල්ලි පස්සේ පැන්නුවා... ලංකාවේ ක්‍රිකට්වලට වෙන විදිහ හිතාගන්න බැහැ...මැතිව්ස්ට විතරක් මේ කෙරුවාව කරන්න බැහැ...ඊ ළඟ වසරේ අප්‍රේල් වලින් පස්සේ ක්‍රිකට් තරග බලන එක නවත්තනවා... මොකද අපේ කට්ටිය පිටියට එනවා යනවා විතරයි... බලන්න වෙන්නේ...
අතුල අනිල් කුමාර2014-08-19 12:04:20
දුකයි දුකයි!!! මහේල වැනි ක්‍රිඩකයෙක් සමු ගන්නවා කියන්නේ. තව මහේල කෙනෙක් බිහිවෙන්න කාලයක් යයි. සංගා ගියපු දාට අපිට ඒ පාඩුව අපට තදින්ම දැනෙන්නේ ඊට කලින් ඒ අඩුව පුරවන්න හොඳ ක්‍රිඩක දෙපළක් සොයා ගන්න වෙනවා...................
නික්2014-08-18 12:04:18
සුන්දර මතකයක්..! අද අපිට රටට වැඩක් කල ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් වශයෙන් වර්තමානයේ පෙන්වන්න ඉන්නෙත් ඔබ වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් පමනයි...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...