. ඕස්ටේ‍්‍රලියාව - දකුණු අපි‍්‍රකාව මුල් තැනට පොර | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 26 වැනි බදාදා
ඕස්ටේ‍්‍රලියාව - දකුණු අපි‍්‍රකාව මුල් තැනට පොර
2014-11-13 15:26:47 |

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී හෙට (14) ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී එම රටවල් දෙකෙන් එකකට අන්තර්ජාතික ක‍්‍රිකට් සභා එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව හිමිවී තිබේ.

දකුණු අප‍්‍රිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව මේ වන විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභා එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට දින 93 ක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණෙමින් ඉහළ මානසික තත්ත්වයකට පැමිණීමට මෙම කණ්ඩායම් දෙකටම අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ලබමින් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉන්දියාව උසස්වීම් ලබා සිටියි. ඒ අනුව දකුණු අප‍්‍රිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද වැටුණි.

ඉන්දියාව ඉදිරි තරග දෙකම ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 117 ක් බවට පත්වන අතර තරග දෙකම පරාජයට පත්වුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 114 දක්වා පහත වැටේ.

දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 117 ක් බවට පත්වන අතර දකුණු අප‍්‍රිකානු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 112 ක් දක්වා පහත වැටේ. දකුණු අප‍්‍රිකාව 4-1 ක් ලෙස තරගාවලිය ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 118 ක් බවට පත් වන අතර  ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 111 ක් බවට පත්වේ.

ඕස්ටේ‍්‍රලියාව 3-2 ක් ලෙස තරගාවලිය ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 115 ක් වන අතර දකුණු අප‍්‍රිකානු ප‍්‍රසාද ලකුණක් අඩු වේ. දකුණු අප‍්‍රිකාව එම ආකාරයට ජය ලැබුව හොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළට යන අතර  ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රසාද ලකුණත් අඩු වේ.

අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්

ස්ථා. රට ප‍්‍ර.ල
1 ඉන්දියාව 116
2 දකුණු අප‍්‍රිකාව 115
3 ඕස්ටේ‍්‍රලියාව 114
4 ශ්‍රී ලංකාව 111
5 එංගලන්තය 107
6 පාකිස්තානය 98
7 නවසීලන්තය 96
8 බ.ඉ.කො. 96
9 බංග්ලාදේශය 69
10 සිම්බාබ්වේ 58
11 ඇෆ්ගනිස්තානය 42
12 අයර්ලන්තය 33

 

- 048 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...