. කොළඹ, සොලිඞ්, මීගමුව යූත් තියුණු තරගයක | කෙළිමඬල
2018 ජූලි මස 15 වැනි ඉරිදා
කොළඹ, සොලිඞ්, මීගමුව යූත් තියුණු තරගයක
2014-11-15 14:14:21 | .

ඩයලොග් ශුරයන්ගේ කුසලන පාපන්දු (ලීග්) තරගාවලිය ක‍්‍රම ක‍්‍රමයෙන් එහි අවසානය කරා ළගා වෙමින් තිබියදී කොළඹ පාපන්දු ලීගය, සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මීගමුව යූත් කී‍්‍රඩා සමාජය එහි ශූරතාවට ඉව අල්ලමින් සිටිති.

කණ්ඩායම් 21 ක් සහභාගි වන තරගාවලියේදී කණ්ඩායමක් මුහුණ දිය යුතු තරග සංඛ්‍යාව 20 කි. ඇතැම් කණ්ඩමේ වන විට තරග 16 කට මුහුණ දී තිබුණත් මේ වන විට පෙරමුණේ සිටින කොළඹ පාපන්දු ලීග් පිල ප‍්‍රසාද ලකුණු 32 ක් ලබා ඇත්තේ තරග 13 කදී ගෝල 35 ක්ද ලබාගැනීමෙනි.

සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මීගමුව යූත් කී‍්‍රඩා සමාජයද ප‍්‍රසාද ලකුණු 32 ක් බැගින් ලබා සිටියද එම කණ්ඩායම් දෙකටම ඉතිරිව ඇත්තේ තරග 6 කි. ලබාගත් ගෝල සංඛ්‍යාවද පිළිවෙලින් 28 ක් සහ 23 කි. එහෙත් කොළඹ පාපන්දු ලීගයට තවත් තරග 7 ක් ඉතිරිව තිබේ.

මේ අතර කලක් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රබලතම පාපන්දු කී‍්‍රඩා සමාජයක්ව සිටි සෝන්ඩර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු පුවරුවේ 19 වැනි තැනට ඇද වැටී තිබේ. තවත් ප‍්‍රබල පාපන්දු කී‍්‍රඩා සමාජ වූ රිනවුන් (7), බ්ලූ ස්ටාර්ස් (10), දොන් බොස්කෝ (12) සහ නන්දිමිත‍්‍ර (16) ප‍්‍රසාද ලකුණු සටහනේ පහළට තල්ලූ වී සිටින අතර තිහාරිය යූත් පිලට හිමිව ඇත්තේ අවසන් ස්ථානය වන 21 වැනි ස්ථානයයි.


ප‍්‍රසාද ලකුණු පුවරුව

තරග 144 කට පසුව ප්‍රසාද ලකුණු පුවරුව 
  නම  තරග ජය වි. නැ. පරාජය ලැබූ ගෝල දුන් ගෝල ලකුණු
1 කොළඹ 13 10 2 1 35 15 32
2 සොලිඩ් 14 10 2 2 28 10 32
3 නිගම්බු යූත් 14 10 2 2 23 9 32
4 නාවික හමුදාව 12 10 1 1 21 6 31
5 සුපර් සන් 16 7 5 4 27 20 26
6 යුද හමුදාව 12 6 2 4 50 14 20
7 රිනවුන් 14 5 5 4 30 21 20
8 ජාවා ලේන් 14 6 2 6 18 19 20
9 ගුවන් හමුදාව 11 5 5 1 15 10 20
10 බ්ලූ ස්ටාර්ස් 13 5 5 3 14 16 20
11 අප්කන්ට්‍රි ලයන්ස් 12 5 3 4 14 10 18
12 දොන් බොස්කෝ 16 4 4 8 17 31 16
13 නිව් යංග්ස් 13 5 1 7 12 16 16
14 ක්‍රිස්ටල් පැලස් 15 4 3 8 26 40 15
15 පෙලිකන්ස් 15 3 6 6 15 32 15
16 නන්දිමිත්‍ර 13 4 2 7 18 28 14
17 පොලිස් 16 2 5 9 17 26 11
18 මාතර සිටි 15 2 5 8 11 25 11
19 සෝන්ඩර්ස් 11 2 4 5 7 15 10
20 ක¿තර පාර්ක් 13 1 6 6 11 21 9
21 තිහාරිය යූත් 16 2 2 12 11 36 8
          තොරතුරු - ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...