. තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර මැතිව්ස්ට මුල්තැන | කෙළිමඬල
2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර මැතිව්ස්ට මුල්තැන
2014-11-19 18:54:56 | .


ඉන්දියාව සමග පැවැති එක්දින ක‍්‍රිකට් තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වූ නමුත් එම තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් සහ පන්දු රැකීමෙන්ද දස්කම් දැක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, එක්දින ජාත්‍යන්තර තරග වල තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතරේ පළමු ස්ථානය ගෙන සිටී. ශී‍්‍ර ලංකාවේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මුල්තැන ගත් පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලියේදී අර්ධ ශතක දෙකක් (75, නොදැවී 92) සහ ශතකයක් (නොදැවී 139) වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියේදී පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා (339) බවට පත්වූයේ සාමාන්‍ය 113.00 ක් වැනි ඉහළ අගයක් පවත්වා ගනිමිනි. පන්දු යැවීමේදී තරග පහ තුළදී  ඕවර 26 ක්  යවා ලකුණු 145 කට කඩුලූ 4 ක් දවා ගැනීමට මැතිව්ස් සමත් විය. ඒ අනූව එක්දින ජාත්‍යන්තර තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීමේ ප‍්‍රසාද ලකුණු 420 ක් ලබා ගනිමින් මැතිව්ස් පළමු ස්ථානයට පත් වූ අතර එතෙක් එහි පෙරමුණේ සිටි පකිස්තානයේ මොහොමඞ් හෆීස් දෙවැනි තැනට පත්විය.

ඇන්ජලෝ මැතිව්ස් එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද (420) මෙය වේ.  

මෙම වසරේ එක්දින තරගවලදී ලොව වැඩිම ලකුණු ලාභියාද වන මැතිව්ස් මේ වසර තුළ තරග 25 කට සහභාගි වී එක් ශතකයක් සහ අර්ධ ශතක අටක් සමග ලකුණු 1062 ක් ලබා තිබේ. එහි සාමාන්‍ය 70.80 ක් ලෙස සටහන් වේ. එම දක්‍ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වවල 10 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීමටද මැතිව්ස් සමත්ව තිබේ.

මීට අමතරව ඉන්දියානු සංචාරය අතරමගදී කණ්ඩායමට එකතුවු ශ‍්‍රී ලංකා උපනායක ළහිරු තිරිමාන්න අර්ධ ශතක දෙකක් (59 සහ 52) ලබා ගනිමින් ජාත්‍යන්තර එක්දින පිතිකරුවන් අතරේ  46 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාව සමග පැවැති සිව්වැනි එක්දින තරගයේදී ලෝක වාර්තාගත ඉනිමක් ක‍්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එම එක්දින පිතිකරුවන් අතරේ 15 වැනි ස්ථානයට පත් විය. ඉන්දියානු කණ්ඩායමට නායකත්වය දෙමින්  ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගාවලියේ වීරයා වූ විරාට් කෝලි එක්දින පිතිකරුවන් අතරේ දෙවැනි තැනට පත්ව තිබේ.

 

 

තුන් ඉරියව් ක්‍රීඩකයෝ 
ශ්‍රේණිය  ක්‍රීඩකයා  කණ්ඩායම  ලකුණු
1 ඇන්ජලෝ මැතිව්ස්  ශ්‍රී ලංකාව  420
2 මොහොමඩ් හෆීස්  පාකිස්තානය  411
3 ශකිබ් අල් හසාන්  බංග්ලාදේශය  361
4 රවීන්ද්‍ර ජඩේජා  ඉන්දියාව  336
5 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව  312

 

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම 
ශ්‍රේණිය  ක්‍රීඩකයා  කණ්ඩායම  ලකුණු
1 ඒ.බී. ඩිවිලියර්ස්  ද. අප්‍රිකාව  887
2 විරාට් කෝලි  ඉන්දියාව  862
3 හසීම් අම්ලා  ද. අප්‍රිකාව  834
4 ජෝජ් බේලි  ඕස්ට්‍රේලියාව 810
5 ශිකර් ධවාන්  ඉන්දියාව  777
6 කුමාර් සංගක්කාර  ශ්‍රී ලංකාව  776
7 එම්. එස්. දෝනි ඉන්දියාව  738
8 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව  731
9 ක්වින්ටින් ඩි කොක්  ද. අප්‍රිකාව  718
10 ඇන්ජලෝ මැතිව්ස්  ශ්‍රී ලංකාව  706
       
තෝරාගත් පිතිකරුවෝ 
ශ්‍රේණිය  ක්‍රීඩකයා  කණ්ඩායම  ලකුණු
15 රෝහිත් ශර්මා  ඉන්දියාව  651
17 සුරේෂ් රයිනා  ඉන්දියාව  639
30 මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව  601
46 ළහිරු තිරිමාන්න  ශ්‍රී ලංකාව  544
47 අජින්ක්යා රෙහානේ  ඉන්දියාව  534
66 අම්බාටි රයිඳු ඉන්දියාව  500
69 දිනේෂ් චන්දිමාල්  ශ්‍රී ලංකාව  493
83 උපුල් තරංග ශ්‍රී ලංකාව  458
84 කුසල් පෙරේරා  ශ්‍රී ලංකාව  456
100 තිසර පෙරේරා ශ්‍රී ලංකාව  408

 

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම 
ශ්‍රේණිය  ක්‍රීඩකයා  කණ්ඩායම  ලකුණු
1 සයිඩ් අජ්මාල්  පාකිස්තානය  770
2 සුනිල් නරේන්  බ.ඉ. කොදෙව්  753
3 ඩේල් ස්ටේන්  ද. අප්‍රිකාව  712
4 ජේම්ස් ඇන්ඩර්සන්  එංගලන්තය  690
  මිචෙල් ජොන්සන්  ඕස්ට්‍රේලියාව  690
6 මොර්නේ මෝකල්  ද. අප්‍රිකාව  651
7 මොහොමඩ් හෆීස් පාකිස්තානය  647
8 බුවනේෂ්වර් කුමාර්  ඉන්දියාව  641
9 ස්ටීවන් ෆින්  එංගලන්තය  640
10 රවීන්ද්‍ර ජඩේජා  ඉන්දියාව  638
       
තෝරාගත් පන්දුයවන්නෝ 
ශ්‍රේණිය  ක්‍රීඩකයා  කණ්ඩායම  ලකුණු
15 රවිචන්ද්‍රන් අශ්වින්  ඉන්දියාව  617
24 ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව  595
38 අමිත් මිශ්රා  ඉන්දියාව  540
40 උමේෂ් යාදේව් ඉන්දියාව  537
42 අජන්ත මෙන්ඩිස්  ශ්‍රී ලංකාව  526
48 නුවන් කුලසේකර  ශ්‍රී ලංකාව  505
58 ඉෂාන්ත් ශර්මා  ඉන්දියාව  462
60 තිසර පෙරේරා ශ්‍රී ලංකාව  458
71 අක්ෂර් පටෙල්  ඉන්දියාව  428
72 තිලකරත්න ඩිල්ෂාන්  ශ්‍රී ලංකාව  427
83 විනී කුමාර්  ඉන්දියාව  402
86 සීකුගේ ප්‍රසන්න  ශ්‍රී ලංකාව  393
88 සුරේෂ් රයිනා  ඉන්දියාව  389

 

ඩිලාන්2014-11-20 10:15:10
කෝ ලසිත් මාලිංග කොහොමද? එයාට පිතිකරුවන් අතර ස්ථානයක් නැද්ද?

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

කාන්තා රග්බි පිල බෝර්නියෝ කුසලාන දිනාගනී...
2017-03-19 20:32:26
ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ එතෙක් මෙතෙක් ලැබූ ඉහළම අන්තර්ජාතික රග්බි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේස...
දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...