. කෝටි හය හමාරක් අත පොවන මායිමේ | කෙළිමඬල
2018 මැයි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
කෝටි හය හමාරක් අත පොවන මායිමේ
2015-01-01 16:42:57 | .

දෙසැම්බර් 26 වැනිදා (බොක්සිං දිනයේ) ආරම්භ වූ ටෙස්ට් තරග තුනම නිමා වීමෙන් පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ සිටින දකුණු අප‍්‍රිකාවට ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි හය හමාරකට කට අධික මුදල් ත්‍යාගයක් අත පොවන මානයේ සිටී. මෙම ත්‍යාගය දිනාගැනීමට නම් දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (2 වැනිදා) සෙන්චූරියන්හිදී ආරම්භ වන ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත් විය යුතුය.

යම් හෙයකින් සෙන්චූරියන් ටෙස්ට් තරගයේ ජය කොදෙව් පිලටත්  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර හෙට (3 වැනිදා) සිඞ්නි නුවරදී ආරම්භක වන ටෙස්ට් තරගයේ ජය  ඕස්ටේ‍්‍රලියාවටත් හිමිවුවොත් ප‍්‍රසාද ලකුණු 0.2 කින්  ඕස්ටේ‍්‍රලියානු පිල ඉහළ යන හෙයින් කෝටි හය හමාරේ සල්ලි මල්ල මෙන්ම වසරේ ටෙස්ට් ශූරයන්ට හිමිවන සෙංකෝලයද  ඕස්ටේ‍්‍රලියානුවන් සතුවනු ඇත.

දෙවැනි ස්ථානය හිමිකරගන්නා ටෙස්ට් කණ්ඩායමට ඩොලර් 390,000 ක් හෙවත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් ත්‍යාග ලෙස හිමිවේ.

තෙවැනි ස්ථානයේ පසු වන එංගලන්තයට ඩොලර් 280,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 364 ක්ද සිවුවැනි ස්ථානයේ පසු වන පාකිස්තානයට ඩොලර් 170,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 221 ක් ද හිමිවේ.

මෙම සෙංකෝලය පිරිනැමීම සාමාන්‍යයෙන් සෑම වසරකම අපේ‍්‍රල් මස 1 වැනිදා පවතින ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව සිදුකෙරෙන නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලිය මාර්තු 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජනවාරි මුල් සතියේදී ආරම්භ කෙරෙන ටෙස්ට් තරග 3 න් පසුව අපේ‍්‍රල් 1 වැනිදා දක්වා ටෙස්ට් තරග නොපැවැත්වේ.

මේ වන විට නවසීලන්තයේ ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ පසු වෙයි. ඩොලර් 170,000 ක් හෙවත් රුපියල් මිලියන 22 ක මුදලක් ශී‍්‍ර ලංකාවට අහිමි වීඇත්තේ ප‍්‍රසාද ලකුණු 2 ක් තරම් සුළු සංඛ්‍යාවකිනි.

 

ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීම (දෙසැ. 30 වැනිදා වන විට)

ස්ථා.     රට  ප‍්‍රසාද ලකුණු
1 දකුණු අප‍්‍රිකාව 124
2 ඕස්ටේ‍්‍රලියාව 117
3 එංගලන්තය 104
4 පාකිස්තානය  103
5  ශ්‍රී ලංකාව   101
6 ඉන්දියාව  96
7  නවසීලන්තය 94
8  බ.ඉ.කො. 75
9 බංග්ලාදේශය   32
10  සිම්බාබ්වේ 18

 

- 048 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...