. තහනමින් මිදුණු හිමාෂ යළිත් වාර්තා පොතට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා
තහනමින් මිදුණු හිමාෂ යළිත් වාර්තා පොතට
2013-09-08 23:11:23 | .

සුගතදාස පිටියේ දී අද (8 වැනිදා) නිමාව දුටු ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී නව වාර්තා පිහිටු වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් 20 න් පහළ මීටර 100 ඉසව්ව ජයගත් හිමාෂ ඒෂාන් විසින් වර 5 ක් පැරණි වාර්තාවක් බිඳ දමන ලදි.

තත්ත්පර 10.69 කින් මීටර 100 ඉසව්ව ජයගත් හිමාෂ විසින් බිඳ දමන ලද්දේ වසර 2008 දී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක‍්‍රීඩකයෙකු වූ ෂෙහාන් අඹේපිටිය විසින් පිහිටුවන ලද වාර්තාවයි. හිමාෂ ඒෂාන් කළුතර විද්‍යාලයේ කී‍්‍රඩකයෙකි.

හිමාෂ තහනම් උත්තේජක ගැනීමට වරදකරු වීම නිසා තරග තහනමකට ලක්ව සිටි එෂාන් තහනමින් පසුව තරග කළ පළමු අවස්ථාව මෙයයි.

ක‍්‍රීඩකයෙකි. මීට දින කීපයකට ඉහත නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී (තණකොළ සහිත ධාවන පථයක) පැවැති ජාතික කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වූ පී. ඒ. සී. නදීශාන්ගේ මීටර් 100 තරග නිමි කාලය වූයේ තත්ත්පර 10.96 කි.

මීටර 100 ඉසව්ව තත්ත්පර 10.29 කින් නිමකරමින් එහි ශී‍්‍ර ලංකා වාර්තාව සතුකරගත් චින්තක ද සොයිසා වසර 14ක් තිස්සේ ඊට හිමිකම් කියයි.

 

නව තරග වාර්තා

 

  • වයස 20 න් පහළ (බාලක) - මීටර 100

හිමාෂ ඒෂාන් - මීටර 10.69 (කළුතර විද්‍යාලය)

  • වයස 20න් පහළ බාලක - මීටර 400 කඩුලූ පැන දිවීම

ළහිරු ප‍්‍රසන්නජිත් - තත්. 53.77 (හොරණ තක්ෂිලා විදුහල)

  • වයස 18න් පහළ (බාලක) - යගුලිය විසිකිරීම

කුෂාන්ත සහීක - මීටර 15.18 (ශාන්ත පීතර විදුහල)

  • වයස 18න් පහළ (බාලිකා) - මීටර 200

එම්. ආර්. බී. ආර්. රත්නායක - තත් 25.27

  • වයස 18න් පහළ බාලිකා - තුන් පිම්ම

විදුෂා ලක්මාලි - මීටර 11.82 (මීගමුව නිවුස්ටඞ් බාලිකා විදුහල)

  • වයස 18 න් පහළ බාලක - මීටර් 400 කඩුලූ පැන දිවීම

හර්ෂ චතුරංග - තත්. 53.35 (ශාන්ත පීතර විදුහල)

  • වයස 16න් පහළ බාලිකා - තුන් පිම්ම

චතුරි විජේසූරිය - මීටර් 11.75 (කුලියාපිටිය මැදි විදුහල)

 

- 223

 

ඔබේ ප්‍රතිචාර
චන්ද‍්‍රසිරි2013-09-09 14:57:28

හිමාෂ ඔබට කවදා හෝ ඔලිම්පික් පදක්කමක් ෂුවර්

සංඛ2014-03-17 09:27:52
කී‍්‍රඩාංගණ නවයකට තහනම් නම් කොහොමද අපි නවකයෙකුගෙන් පදක්කම් බලාපොරොත්තු වෙන්නේ.එදා දෙන්නා ඉස්කෝලේ පිට්ටනියේ දුවලා මං තීරුව දුවනකොට තියෙන වෙනස දුවන අය මිසක් ඔය පුටු රත්කරන ටයි දාපු මහත්වරු දන්නේ නෑ...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...