. ඌවේ සුලෝහිත සංග‍්‍රාමය 1-2 | කෙළිමඬල
2017 මැයි මස 27 වැනි සෙනසුරාදා
ඌවේ සුලෝහිත සංග‍්‍රාමය 1-2
2016-03-30 16:36:06 | ඇල්ල ප‍්‍රසාද් රුක්මල්, පස්සර ගාමා වීරසිංහ සහ අමිල දර්ශන

බදුල්ල ධර්මදුත විදුහල සහ ඌව විදුහල අතර 58 වැනි වරටත් පැවැත්වෙන ‘‘ඌව සුලෝහිත සංග‍්‍රාමය’’ මහ ක‍්‍රිකට් තරගය අපේ‍්‍රල් මස 1 සහ 2 යන දෙදින බදුල්ල කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම මහ කි‍්‍රකට් තරගය 1920 වසරේ ආරම්භ වී ඇත.

මෙතෙක් පැවති තරග 57 කදී ඌව මහ විදුහල තරග 16 ක් ද බදුල්ල ධර්මදුත මහ විදුහල තරග 13 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග 28 විසඳුමකින් තොරව අවසන්වී තිබේ.

මෙවර බදුල්ල ඌව මහ විදුහල් පිලේ නායකයා ලෙස ඞී.එම්. චමල්ක දේශාන්ද බදුල්ල ධර්මදුත මහ විදුහල් පිලේ නායකයා ලෙස ටී.එච්. කසුන් දිල්ෂාන්ද කටයුතු කරති.

ඌව සුලෝහිත සංග‍්‍රාමය මහ කි‍්‍රකට් තරගය විදුහල් දෙකේ ආදි සිසුහු සංවිධානය කරති.

බදුල්ල ධර්මදුත විදුහල් පිලේ නායක කසුන් දිල්ෂාන් වමත් පිතිකරුවෙකි.

දකුණතින් දඟපන්දු යවන්නෙකි. එච්.ටී. පසිදු මනුලංක එම කණ්ඩායමේ උපනායක වේ. දකුණතින් පන්දුවට පහර දෙන ඔහු වමත් වේග පන්දු යවන්නෙකි. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නාද ඔහු ය. මදුරංග ගලප්පත්ති, ඉෂාන් ලහිරු දකුණත් පිතිකරුවෝ මෙන්ම දකුණත් මදවේග පන්දු යවන්නෝ වෙති.

ලක්ෂාන් පියුමන්ත් දකුණත් පිතිකරුවෙකි. වමත් වේග පන්දු යවන්නා ද වේ.


එන්.එම්. රවුෂාන් වමත් පිතිකරුවෙකු මෙන්ම වමතින් වේග පන්දු යවන්නෙකි.

භාෂිත මදුවන්ත වමත් පිතිකරුවෙකි. වමතින් දඟ පන්දු යවන්නකුද වේ. නිලංග හේෂාන් දකුණත් වේග පන්දු යවන්නෙකි.

අල්තාෆ් සම්සුදීන් කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නාය. ඔහු දකුණත් පිතිකරුවෙකි.

බදුල්ල ඌව මහ විදුහල් පිලේ නායක චමල්ක දේශාන් දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යවන්නෙකි. මලීෂ දිලංක කණ්ඩායමේ උපනායකයා වේ. දකුණත් පන්දු යවන්නකු වන ඔහු වමතින් පන්දුවට පහර දෙන්නෙකි.

සචින්ත දිල්රුක්ෂ කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නාය. ඔහු දකුණතින් පන්දුවට පහර දෙන්නෙකි.

ෂෙනාල් ඩිලෝක්ස් දකුණත් පිතිකරුවෙකි. ආරම්භක පන්දු යවන්නා ද වේ. දකුණත් වේග පන්දු යවන්නා ද වේ. සසිල මධුසංක, ලියෝන් වැන්ඩෙවෝල් දකුණතින් පහරදෙන දකුණත් දඟ පන්දු යවන්නෝ වෙති. ලහිරු උදේෂිත දකුණත් පිතිකරුවකු මෙන්ම දකුණතින් පන්දු යවන ආරම්භක පන්දු යවන්නා වේ. මෙරාන් එෂංක වීරකෝන් වමතින් දඟ පන්දු යවන දකුණත් පිතිකරුවෙකි.

 

ධර්මදුත මහ විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට - කසුන් දිල්ෂාන් (නායක), අජිත් බණ්ඩාර (පුහුණුකරු), පූජිත පිලිපොත (ක‍්‍රීඩා අංශ ප‍්‍රධාන), එච්.එම්.ඩබ්ලිව්. ද සිල්වා (විදුහල්පති), නිහාල් හෙට්ටිආරච්චි (නියෝජ්‍ය විදුහල්පති), පී.ඩබ්ලිව්.එස්. පරකැටවැල්ල (ක‍්‍රීඩා භාර ආචාර්ය), චමිල වීරසේකර (පුහුණුකරු), පසිදු මනුලංක (උපනායක)

මැද පෙළ වමේ සිට - විදුල  ඕෂාන්, මලිත යුෂාන්, එස්. නදුශාන්ත්, මධුරංග ගලප්පත්ති, ඉෂාන් ලහිරු, අල්තාෆ් සම්සුදීන්, තිලංග හේෂාන් ද සිල්වා, භාෂිත මධුවන්ත, කවීෂ දේවින්ද

පසුපෙළ වමේ සිට - හිමන්ත සංදීප, දිල්හාර පබසර, උදන්ත දේශාන්, අහමඞ් ලිස්නි, කසුන් මනෝහර, එන්.එම්. රවුෂාන්, නිමේෂ් බණ්ඩාර, ජනිත් චතුරංග, ලක්ෂාන් පියුමන්ත.

 

 

ඌව මහ විදුහල් කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට - සචින්ත දිල්රුක්ෂ චමල්ක දේශාන් (නායක), අසංක සංජීව (පුහුණුකරු), විජිත කුසුම් (පුහුණුකරු), නිමල් වීරසිංහ (විදුහල්පති), ඊ.ඞී.ආර්. මෙන්ඩිස් (පුහුණුකරු), මලීෂ දිලංක (උපනායක), ෂෙනාල් පෙරේරා.

මැද පෙළ වමේ සිට - මලින්ද ප‍්‍රභාත්, එල්.බී. වැන්ඩවෝල්, සචින් කවින්ද, ඉෂංක වීරකෝන්, දුමින්ද දේශාන්, ඩබ්ලිව්.එම්.ජී. එරංග, නදිව් මධුෂංක, හරිදු මධුසංක, ඞී. චමිත්

පසු පෙළ වමේ සිට - භවන්ත තමෝද්, ශනිල්ක දිමුතු, අශේන් දිල්ෂාන්, සසිල මධුශංක, චතුරංග ජානක, නිම්ෂාන් ජයසිංහ, ලහිරු උදේශික, එම්. පියුෂාන්, ඞී.එම්. මිලින්ද

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...