. ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා
2016-03-31 17:41:41 | ශානුක අරවින්ද

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන ‘ශ්‍රී ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය හෙට (1) සහ අනිද්දා (2) මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


මෙම විදුහල් දෙකම වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ II කාණ්ඩය යටතේ තරග වදියි. ආනන්ද ශාස්ත‍්‍රාලය මෙවර තරග වාරයේදී තරග 6 කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණ 2 ක්ද, පළමු ඉනිමේ ජයග‍්‍රහණ 2 ක්ද අත්කරගෙන ඇති අතර ඉතිරි තරග 2 පරාජය වී තිබේ.


තෙවැනි වසරේ වර්ණලාභියෙකු වන ජනිත ලක්ෂාන්, ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර වේගයෙන් පන්දුවට පහරදෙන වමත් පිතිකරුවකු වන ඔහු කණ්ඩායමේ ආරම්භක පන්දුයවන්නාද වේ. මෙවර තරග වාරයේ තරග 12 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 600 ක් රැස් කරගෙන සිටින ජනිත ලක්ෂාන් දකුණතින් වේග පන්දුයවන්නකු ලෙස බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 30 කි.


දකුණත් ආරම්භක පිතිකරු හංසක කවිෂ්ක, උප නායකයා ලෙසද කටයුතු කරයි. මෙවර තරග වාරයේදී ඔහු ලකුණු 356 ක් රැුස්කිරීමට සමත්ව සිටියි.


ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින මැද පෙළ පිතිකරු හිරුෂ මෙන්ඩිස් ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමගින් රැුස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 650 කි.


කණ්ඩායමට නවකයකු වන වමත් ආරම්භක පිතිකරු මිතිල පූර්ණජිත් මෙවර තරග වාරයේදී ලකුණු 450 කට වඩා රැස්කරගෙන ඇති අතර වමතින් පා දඟ පන්දුයවමින් දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 45 කි.


තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන අතීෂ් මලින්ද දකුණතින් පා දඟ පන්දු යවන අතර  දකුණතින් පන්දුවට පහරදෙන ක‍්‍රීඩකයෙකි. ඔහු මෙවර තරග වාරයේදී ඔහු ලකුණු 525 ක් රැුස්කිරීමට සහ කඩුලූ 15 ක් දවාගෙන ඇත.  


තුන් ඉරියව් ක‍්‍රීඩක හංසක තීක්ෂණ, දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් වේග පන්දුයවනෙක් ලෙස මෙවර තරග වාරයේදී ලකුණු 250 ක් රැස්කරමින් කඩුලූ 25 ක් දවාගැනීමටද සමත් වී ඇත.


තෙවැනි වසරේ වර්ණලාභියෙකු වන ගිහාන් දිල්ෂාන්, ආනන්ද ශාස්ත‍්‍රාල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. දකුණතින් පිත්ත හසුරුවන ඔහු මෙවර තරග වාරයේදී ලකුණු 300 කට වඩා රැස්කරගෙන ඇත. දක්ෂ පන්දු රකින්නෙක් වන ඔහු අතිරේක කඩුලූ රකින්නකු ලෙසද කණ්ඩායමට සිය දායකත්වය ලබාදෙයි.


දකුණත් පිතිකරුවකු සහ වමත් පා දඟ පන්දුයවන්නකු ලෙස කටයුතු කරන උප නායක බිම්සර අවිනාෂ්, මෙවර තරග වාරයේදී ලකුණු 300 වඩා රැුස් කරමින් බිඳහෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 28 කි.


වමතින් පිත්ත හසුරවන මුල් පෙළ පිතිකරුවකු වන තිමිර මල්ෂාන් දකුණත් මඳ වේග පන්දු යවන්නෙකි. මෙවර තරග වාරයේදී ලකුණු 350 ක් රැුස්කරමින් කඩුලූ 15 ක් දවාගැනීමට ඔහු සමත්ව තිබේ.


වමතින් පිත්න හසුරුවන නිමේෂ් ඉෂාර, කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වේ. මෙවර තරග වාරයේදී ලකුණු 300 වඩා රැුස්කිරීමටද ඔහු සමත්ව සිටියි.


වමත් පා දඟ පන්දුයවන්නෙකු ලෙස මෙවර තරග වාරයේදී කඩුලූ 35 ක් බිඳහෙළා ඇති අයේෂ් හර්ෂණ ආනන්ද ශාස්ත‍්‍රාල කණ්ඩායමේ පන්දුයවන බළෑණිය ශක්තිමත් කරයි.


දකුණත් පිතිකරුවෙකු සහ දකුණතින් පිට දඟ පන්දුයවන්නෙකු ලෙස කටයුතු කරන ඉසුරු අවින්ද ලකුණු 200 ක් රැුස්කිරීමට සහ කඩුලූ 20 ක් දවාගැනීමටද සමත්ව සිටියි.

 


ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම


ජනිත ලක්ෂාන් (නායක), හංසක කවීෂ් (උප නායක), හංසක තීක්ෂණ, අතීෂ් මලින්ද, නුරාජ් ප‍්‍රසංග, දිනූජය ගීත්, හිරුෂ මෙන්ඩිස්, තෙෂාන් මලින්ද, තනූෂ සඳරුවන්, මිතිල පූර්ණජිත් සහ අෂේන් මලිනිද

 


ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාල කණ්ඩායම


ගිහාන් දිල්ෂාන් (නායක), බිම්සර අවිනාෂ් (උප නායක), අයේෂ් හර්ෂණ, නිමේෂ් ඉෂාර, තිමිර මල්ෂාන්, ඉසුරු අවින්ද, උදාර භාග්‍ය, දුෂාන් ධනුෂ්ක, රනුල් නවෝද්‍ය, මල්ෂාන් පෙරේරා සහ රවිඳු රන්දික
 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...