. ධර්මාලෝකයට ලකුණු 45 ක ජයක් | කෙළිමඬල
2018 මැයි මස 25 වැනි සිකුරාදා
ධර්මාලෝකයට ලකුණු 45 ක ජයක්
2016-04-06 15:19:03 | .

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති 25 වැනි වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ධර්මාලෝක විදුහල ලකුණු 45 ක ජයක් ලැබීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ධර්මාලෝක විදුහල් කණ්ඩායම  ඕවර 50 අවසානයේදී කඩුලූ 7 ට ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ගුරුකුල විදුහල් කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 228 කි.

රිසිත් උපමල් ගේ (114) ශතකයත්, මාධව කවිඳු ගේ (49/4) දක්ෂ පන්දු යැවීමත් නිසා ධර්මාලෝකයේ ජයග‍්‍රාහී මාවත විවර විය. ධර්මාලෝක විදුහල මෙම ජයත් සමගින් මෙතෙක් දෙවිදුහල් වාර්ෂික එක්දින තරගයන්ගෙන් ගුරුකුල විදුහල ලබා සිටි තරග 12 ක ජයග‍්‍රාහණ සම කළේය.

පසුගියදා නිමා වු දෙවිදුහල්’හි මහ ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් කණ්ඩායම කඩුලූ 5 ක ජයක් ලැබීය. ජයමාල් වන්නිආරච්චි, ගුරුකුල විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ද, තරිඳු මධුෂංක, ධර්මාලෝක විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළහ.


කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විදුහල  ඕවර 50 කදී කඩුලූ 7 ට 273
(රිසිත් උපමල් 114, හිමල්ක ඉදුරංග 48, තරිඳු තාරක 49/3)

කැලණිය ගුරුකුල විද්‍යාලය  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 228
(මලිඳු විදුරංග 60, උදාර රවිදු 31, පැතුම් රුසාර 42, දුමින්ද සුදාරක 30, මාධව කවිඳු 49/4, මධුෂංක ද සිල්වා 39/2)


- 090

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...