. රුහුණු රන් හටන 29 - 30 සූරියවැවදී | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
රුහුණු රන් හටන 29 - 30 සූරියවැවදී
2016-04-27 16:44:15 | දික්වැල්ල එස්. ගලප්පත්ති

“රුහුණු රන් හටන” යන විරුදාවලියෙන් හැඳින්වෙන දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයත්, වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟය මෙවරත් අප්‍රේල් මස 29 හා 30 යන දෙදිනයන්හි සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. එම තරඟය මෙවර පැවැත්වෙනුයේ හත්වන වතාවටයි.


සිව්වන වසරේ ක්‍රීඩකයෙකු වන කේ. ජී. නවෝද් දිලාන් (නායක) මෙවර විජිත කණ්ඩායම මෙහෙය වන අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු ආරම්භක පන්දු යවන්නෙකුද වෙයි. උප නායකත්වය දරන්නේ එච්.ටී. සසිදු අනුරංග විසිනි. ඔහු ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර විජිත පිළේ පුහුණු කරු ලෙස ක්‍රියාකරනුයේ රසික ලක්ෂාන් මහතාය. ක්‍රිකට් භාර ආචාර්යවරුන් වශයෙන් බී.වික්‍රමරත්න හා එස්.වයි.ටී. ලක්රුවන් යන මහත්වරු කටයුතු කරයි.


විජිත ම.ම.වි. රාජපක්ෂ වාර්ෂික තරග 2010 වසරේ ආරම්භ වූ අතර මෙතෙක් පැවති තරඟ අතරින් ප්‍රථම ජයග්‍රහණය 2015 වසරේ විජිත කණ්ඩායම විසින් අත්කර ගනු ලැබීය. විජිත ම.ම.වි. මෙවර පළමු වරට අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරඟාවලියට සහභාගී වෙමින් පළමු වටයේ සියලුම තරඟ ජයග්‍රහණය කරන ලදී.


වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වන වී.ජී. චාමික ෂෙහාන් තුන්වන වසරේ, දකුණතින් පිත්ත මෙහෙය වන ක්‍රීඩකයෙකි. උප නායක සන්දීප නයනසර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. මෙම ක්‍රිකට් සංචිතය භාර ආචාර්යවරයා වන්නේ සජින් ප්‍රියංකර මහතාය.


සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර යුගයේ දකුණු පළාතේ ආරම්භ කළ ප්‍රථම මධ්‍ය විද්‍යාල 02 ක් වන මෙම විදුහල් මේ වන විට මාතර හා හම්බන්තොට දෙදිසාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් විදුහල් 02 කි.

 

 


දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය
කේ.ජි. නවෝද් දිලාන් (නායක), එච්.ටී. සසිදු අනුරංග, (උප නායක), එම්. දහම් වෙනුසර ද සිල්වා, ඒ.ඊ. සුජිත මිහිසුරු, එච්.ඩී. උෂාන් අවිදු, එම්.බී. ජනිදු සුසඳ බණ්ඩාර, එල්.එම්.හිරුණ මුතුකුමාරණ, අමල් ප්‍රසාද්, රමේෂ් මධුශාන් වැලිගමගේ, ඩබ්ලිව්.පී. අමල් දුශාන්, එම්.එච්. ෂෙහාර කවිදු ගීතාංජන, කේ.එම්. මලිදු මල්ෂාන්, එස්.එච්. හසිදු අංජන, පී.පී. ලහිරු කෝසල, ඩී. රන්දික මධුෂාන්

 

 


වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය
වී.ජී. චාමික සෙහාන් (නායක), සංදීප නයනසර (උප නායක), එච්.ඩබ්ලිව්.ඒ. පසන් සත්සර, එච්.ජී.එම්. සුරාජ් දිලංකර, ඩබ්ලිව්. හසිත රන්දික, ටී.ඒ. ඉසුරු ලෝචන, වයි. සඳළු විනුසික, ජනිත මලිත් ප්‍රමිදු, ඩබ්ලිව්.ඒ. පමුදු ශෂී  කුමාරසිංහ, එච්.එච්. දිලිප ෂෙහාන්, ඩබ්ලිව්.ජී. සංදීප අකලංක, එම්. කමල් කළණ, කේ.බී.තරිදු උෂාන් හර්ෂණ, ඒ.ජී. තිලාන් චතුමිණ

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...