. මේ කණ්ඩායමටත් දිනන්න පුළුවන් - රොනී ඊබ‍්‍රහිම් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 18 වැනි බදාදා
මේ කණ්ඩායමටත් දිනන්න පුළුවන් - රොනී ඊබ‍්‍රහිම්
2013-10-24 20:47:46 | යොහාන් භාසුර

ශ්‍රී ලංකාවේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ලෝක ශ්‍රේණිගත කිරීමේ රග්බි තරගාවලියක් වන ‘සෙරන්ඩිබ්’ කුසලාන අන්තර්ජාතික තුන්කොන් රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවට ආවේනික වූ සැළැස්මකට අනුව ක‍්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු රොනී ඊබ‍්‍රහිම් මහතා පැවසීය.

රොනී ඊබ‍්‍රහිම් මහතා ‘ලංකාදීප’ සමග විශේෂ සාකච්ඡුාවකට සහභාගි වෙමින් මෙසේ ද පැවසීය.

‘‘මේ තරගාවලියේ අපිට ලැබී ඇති ප‍්‍රතිවාදී කණ්ඩායම් දෙක ආකාර දෙකකට ක‍්‍රීඩා කරන්නේ. අප‍්‍රිකානු කණ්ඩායමක් වන මැඩගස්කරය වෙනස්ම ආකාරයක්. ඒ වගේම යුරෝපා කණ්ඩායමක් වන පෝලන්තය ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක්, ඒ කෙසේ වුවත් අපි ක‍්‍රීඩා කරන්නනේ ශ්‍රී ලංකාව ක‍්‍රීඩා කරන ආකාරයට අපේ විදියට, අපේ සැලැස්මට අනුවයි’’

‘‘මේ වන විට අපි මැඩගස්කරට එරෙහිව තරගය පිළිබඳව පමණයි අවධානය යොමු කර තියෙන්නේ, මැඩගස්කරය අපිට වඩා ශ්‍රේණිගත කිරීමේ පහළ සිටියත් කිසිම කණ්ඩායමක් පරාජය වෙන්න එන්නේ නෑ. ඒ නිසා අපි ඔවුන්ගේ දුර්වලතා පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා’’

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් කණ්ඩායමක් හැටියට තරගාවලියට ඇති සූදානම පිළිබඳව ඊබ‍්‍රහිම් මහතා මෙසේ පැවසීය.

‘‘කණ්ඩායමක් හැටියට හොඳ තත්ත්වයක ඉන්නවා. පුහුණුවීම් කාලය අඩු වුවත් හොඳම ක‍්‍රීඩකයො මේ වන විට කණ්ඩායමට එකතු වී සිටින නිසා හැකි ඉක්මනින් සම්බන්ධතාව ගොඩ න`ගාගන්න පුඵවන් වෙයි. ඇතැම් ක‍්‍රීඩා සමාජවල ක‍්‍රීඩකයෝ මුලදී සංචිතයට පැමිණියේ නෑ. නමුත් මේ වන විට සියලූ දෙනාම එකතු වී සිටිනවා’’

‘‘සමස්තයක් ලෙස කණ්ඩායමේ සියලූම අංශ ඉතාමත් ශක්තිමත්, ඉදිරි පෙළ වඩාත් ශක්තිමත් යැයි කියන්න පුළුවන්. අපිට තව දින කීපයක් ඉතිරිව තිබෙනවා, තරග විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන නිසා අපි ඒ සඳහා ද පුහුණුවීම් කරනවා. ඉදිරි කාලය තුළ ක‍්‍රීඩකයන් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න අවස්ථාව තිබෙනවා’’

‘‘සත් සාමාජික කණ්ඩායම වගේම මේ කණ්ඩායමත් තරග දිනන්න පුළුවන් කණ්ඩායමක්. මැඩගස්කරයට එරෙහිව තරගය හොදින් ක‍්‍රීඩා කර සාර්ථක ආරම්භයක් ලබා ගැනීම පළමු ඉලක්කයයි’’

මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ නායකයා ලෙස නාමල් රාජපක්‍ෂ කටයුතු කිරීම පිළිබඳව කළ විමසුමේදී පුහුණුකරු මෙසේ අදහස් දැක්වීය.

‘‘මෙහිදී නාමල් රාජපක්‍ෂගේ නායකත්වය ඉතාමත් වැදගත්, සියලූම ක‍්‍රීඩකයන් එකම අරමුණක් සඳහා ඒකරාශි කිරීමේ හැකියාව නාමල් සතුව තිබෙනවා. පුහුණුවීම් අතරතුරදී නාමල් ආබාධයකට ලක්වුණා. ඔහුගේ වම් අතේ ඇගිලි අතර පැලීමක් නිසා මැහුම් දැම්මා. දැන් 99% ක් පමණ සුව අතට පත්වෙලා තියෙන්නේ. ආබාධයට ලක්ව සිටියත් නාමල් පුහුණුවීම්වලට සහභාගි වී ක‍්‍රීඩකයන් දිරි ගැන්වුවා’’

විවිධ ක‍්‍රීඩා සමාජවල ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත්වී සිටීම නිසා පුහුණුකරු ලෙස රොනී ඊබ‍්‍රහිම් මහතාගේ භූමිකාව පිළිබඳව ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘අපිට විදේශ පුහුණුකරුවො හිටියා, ඔවුන් කියන දේ අපේ ක‍්‍රීඩකයන්ට අවබෝධ කරගන්න අපහසු වූ අවස්ථා තිබුණා. නමුත් මේ සංචිතයෙ ඉන්න ක‍්‍රීඩකයෝ වැඩි පිරිසක් ඔවුන් පොඩි කාලේ සිට මම දන්නා ක‍්‍රීඩකයෝ, ඔවුගේ දස්කම් සහ දුර්වලතා පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔවුන් මට කීකරුයි, ඒ නිසා විනය පිළිබඳ ගැටලූවක් නෑ. පුහුණුකරු ලෙස මට සාර්ථකව කටයුතු කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා’‘

මෙම තරගාවලිය මේ මස මස 26 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වා නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

තරගාවලියට සහභාගි වන පෝලන්තය ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 28 වැනි ස්ථානයේ ද, මැඩගස්කරය ලෝක රග්බි ශ්‍රේණිගත කිරිමේ 44 වැනි ස්ථානයේ ද, පසු වෙයි. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානයේ රැදී සිටියි.

තරගාවලියේ පළමු තරගය මැඩගස්කරය සහ ශ්‍රී ලංකාව අතර හෙට (26) පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතය.

දෙවැනි තරගය මැඩගස්කරය සහ පෝලන්තය අතර මේ මස 29 වැනිදා පස්වරු 5.30 සිට පැවැත්වේ. අවසන් තරග ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

ඡායාරූප - අමිල ගමගේ

වීර2013-10-25 08:44:46

රොනීට හොඳ දෙයක් කරන්න පුළුවන්. මම දන්නවා ඔහුගේ දක්ෂතාව

රිස්වාන්2013-10-25 21:14:28
දැනට සිටින ලංකාවේ හොඳම පුහුණුකරු ...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...
2017-10-12 20:44:46
කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එක...
රුමාන් - හසන් ශ්‍රී ලංකාව මෙල්ල කරති...
2017-10-13 21:15:34
කලාතුරෙකින් දැකගතහැකි ආකාරයේ වේග පන්දු යැවීමකින් පිතිකරුවන් අසරණ කර දැමූ රුමාන් රයීස් සහ හසන් අලී ප්‍රමුඛ පාකිස්තානුවෝ ඩුබායිහිදී අද (...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලාහෝර් යන්න බෑ කියති...
2017-10-14 15:37:15
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී මේ මස අවසානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයට යෑමට නොහැකි බවද සඳහන් ක...