. තිස්සපුර ක්‍රීඩිකාවන්ගෙන් පෙරළියක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
තිස්සපුර ක්‍රීඩිකාවන්ගෙන් පෙරළියක්
2016-07-15 19:28:46 | නාමල් පතිරගේ සහ සජීක ජයසිංහ

ගෘහස්ථ ක්‍රීඩාංගණයක තරග වැදීමේ පළමු අත්දැකීමම ජාතික මට්ටමේ ජයග්‍රාහණයකට හරවා ගත් අම්පාර උහන තිස්සපුර විදුහල් ක්‍රීඩිකාවෝ අන්තර් පාසල් ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ.

අවසන් මහා තරග ආරම්භ කරමින් අද පැවැති වයස 14 න් පහළ බාලිකා අවසන් මහා තරගය වට 3-1 ක් ලෙස ජය ගැනීමට උහන තිස්සපුර විදුහල් කණ්ඩායම සමත්වුයේ හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම පරාජයට පත් කරමිනි. එහිදී තිස්සපුර විදුහල් ක්‍රීඩිකාවෝ ලකුණු 17/25, 25/17, 25/19, 25/17 ක් පරිදි තරගය ජය ගැනීම වඩාත්ම අවධානය දිනා ගත්තේ පළමු වටයේදී ලද පරාජයෙන් යළි නැඟී සිටීමට සමත්වීම තුළිනි.

කෙසේ වුවත් දිගාමඩුල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ක්‍රීඩිකාවන් ලෙස මීට පෙර ගෘහස්ථ පිටියක අත්දැකීම් නොලැබු ඔවුන් ජාතික මට්ටමේ ප්‍රධානතම වොලිබෝල් තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාව ලෙසත් ඔවුන් එම අභියෝගය වඩාත් සාර්ථක අයුරින් ජය ගැනීම දිරියෙන් නැඟී සිටින කණ්ඩායම් වෙත ආදර්ශයක් බව වොලිබෝල් ප්‍රවීණයන්ගේ මතයයි.

තරගාවලියට සහභාගිවීම සඳහා පෙරේදා (14) කොළඹට පැමිණි එම කණ්ඩායමට මෙන්ම ප්‍රතිවාදී හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායමට ද ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් කොළඹ නවාතැන් පහසුකම් සලසා දුන් බවද වාර්තාවේ.

වයස 14 න් පහළ බාලිකා ශූරතාව ගියවර (2013) දිනා ගත්තේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමයි.

මෙවර තරගවලියේදී දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස ශිවන්ත මධුමාලිද (තිස්සපුර විදුහල), දක්‍ෂතම පන්දු ප්‍රහාරිකාව ලෙස කෞමදී තස්මීරා විජේවීර (විජයබා පාසල) සහ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස අමන්දි භාග්‍යා බාලසුරියද (තිස්සපුර විදුහල)  විශේෂ සම්මාන ලැබුහ.

කුරුණෑගල මලියදේව ආදර්ශ මධ්‍ය විද්‍යාලය තරග වට 2-1 කින් පරදවා රුවන්වැල්ල කොටළුගොඩ කන්ද කනිෂ්ඨ විද්‍යාලය බාලිකා තෙවැනි ස්ථානය ලැබීය.  

තරගමාලාවේ වයස 16 න් පහළ සහ 18 න් පහළ බාලක සහ බාලිකා අවසන් මහා තරග හතරක් හෙට (16) පෙරවරු 8.30 සිට මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

තරගමාලාවේ ජය සංකේත ප්‍රදානෝත්සවය අද පස්වරු 5 ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බාලිකා ශූරතාව (වයස 14 න් පහළ) දිනා ගත් අම්පාර උහන තිස්සපුර විදුහල් කණ්ඩායම

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...