. 16 න් පහළ බාලිකා ශූරතාව ආණමඩුවට | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
16 න් පහළ බාලිකා ශූරතාව ආණමඩුවට
2016-07-16 17:54:40 | සජීක ජයසිංහ

ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ඉතා තියුණු තරගයකින් පසුව 16 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට ආණමඩුව මහඋස්වැව රතනපාල මැදි විදුහල් ක්‍රීඩිකාවෝ සමත්වුහ.

මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී අද (16) පෙරවරුවේ පැවැති මෙම තරගයේදී රතනපාල මැදි විදුහල් ක්‍රීඩිකාවෝ ලකුණු 28/26, 19/25, 25/10, 23/25 ක් සහ 15/3 ක් ලෙස ගලිගමුව මැදි විදුහල පරදවා ජය ලැබුහ.

වසර තුනකට පසුව ක්‍රියාත්මක වන ඩී.එස්.අයි. වොලිබෝල් තරගාවලියේ වාර්තා වු තියුණු මුහුණුවරක් ගත් දෙවැනි තරගය මෙය වේ.

ඊයේ පැවැති වයස 14 න් පහළ බාලක අවසන් තරගයේදී රුවන්වැල්ල රාජසිංහ විදුහල තරගය ජය ගත්තේ මාරවිල ශාන්ත සේවියර් විදුහල් කණ්ඩායමට එරෙහිව වට 3-2 ක තියුණු තරගයකින් පසුවය.

වයස 16 න් පහළ බාලිකා අවසන් තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස මහඋස්වැව රතනපාල විදුහලේ ප්‍රීතිකා ප්‍රමෝද්‍යා ද, දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස එම විදුහලේම ක්‍රීඩිකා සුදීපා නිල්මිණී ද සම්මාන ලැබුහ.

ගලිගමුව මැදි විදුහලේ දිලුක්‍ෂි හර්ෂණී දක්‍ෂතම පන්දු ප්‍රහාරිකාව ලෙස සම්මාන ලැබුවාය.

ගලිගමුව මැදි විදුහල, අවසන් වරට 2013 දී පැවැති තරගාවලියේ 16 න් පහළ බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබා එහිදී රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල හමුවේ පරාජය ලබා තිබේ.  රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල මෙවර තරගාවලියේ මුලික වටයේදී පරාජයට පත්විය.

බාලිකා ශූරතාව (වයස 16න් පහළ)දිනා ගත් ආණමඩුව මහඋස්වැව
රතනපාල මැදි විදුහල් කණ්ඩායම

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්...
2017-05-24 18:48:02
මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ...