. ශා. සේවියර් පෙරළියෙන් ධම්මිස්සර පරදී | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 26 වැනි බදාදා
ශා. සේවියර් පෙරළියෙන් ධම්මිස්සර පරදී
2016-07-16 17:58:28 | සජීක ජයසිංහ

එදා මෙදා තුර මෙරට පාසල් වොලිබෝල් ක්‍රීඩාවේ සුවිශේෂී තැනක් ලබා සිටින නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල පරදවමින් ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් තරගමාලාවේ 16 න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට මාරවිල ශාන්ත සේවියර් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ.

මහරගම තරුණ සේවා සභා ගෘහස්ත පිටියේදී අද (16) තරග වට 3-1 ක් දක්වා පැවැති මෙම තරගයෙන් සේවියර් විදුහල ජයගත්තේ 25/17, 21/25, 25/20 ක් සහ 25/19 ක් ලෙසිනි.

ශාන්ත සේවියර් විදුහලේ මිලින්ද නිර්මාල්, නවෝද් කෞෂල්‍ය පිළිවෙලින් 16 න් පහළ බාලක දක්‍ෂතම ක්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස තේරී පත්වුහ. දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය දිනා ගත්තේ ධම්මිස්සර විදුහලේ සොහාන් රිසින්ය.

අවසන් වරට 2013 දී පැවැති තරගාවලියේ 16 න් පහළ බාලක ශූරතාව දිනා ගන්නා ලද්දේ රුවන්වැල්ල රාජසිංහ විදුහල විසිනි.

බාලක ශූරතාව (වයස 16න් පහළ) දිනා ගත් මාරවිල ශාන්ත සේවියර් විදුහල් කණ්ඩායම

 

 

නිරේෂ් ප්‍රනාන්දු2016-07-18 08:11:11
අපිට ගොඩාක් සතුටු දවසක් අද.. ක්‍රිකට් වලට පස්සේ අනිත් ක්‍රීඩාවලිනුත් අපේ පාසල ඉදිරියට යන එක ගැන... (නිරේෂ් ප්‍රනාන්දු - 2002 උසස් පෙළ)

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...