. ක්ලැසික් බැඩ්මින්ටන් තරග සැප්: 2 දා සිට | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
ක්ලැසික් බැඩ්මින්ටන් තරග සැප්: 2 දා සිට
2016-08-10 17:34:17 | .

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 18 වැනි ‘ක්ලැසික්’ බැඞ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

වයස 14 න් පහළ සහ වයස 18 න් පහළ යුගල සහ කේවළ ඉසව් ද, වයස 20 න්ඉහළ සහ වයස 40 න් ඉහළ ආධුනික පිරිමි කේවල, යුගල සහ මිශ්‍ර යුගල ඉසව් මෙන්ම වයස 30 න් ඉහළ ආධුනික කාන්තා කේවළ සහ යුගල ඉසව් ද තරගාවලියට ඇතුළත්ය.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන සහ වටිනා ත්‍යාග පිරිනැමේ.

බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියේ අයැදුම්පත් මෙම 23 වැනිදාට පෙර බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය, තරග ලේකම්, ෂටල්පවර් බැඞ්මින්ටන් ක්‍රීඩාගාරය, නො: 136, පුර්වාරාම පාර, කිරුලපන, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුය.

වැඩි විස්තර ලේකම් අසංක පීරිස් (0718217056) ඇමැතීමෙන් ලබාගත හැකිය.


- 090

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි...
2017-06-27 21:31:21
සිම්බාබ්වේ පිලට එරෙහිව අනිද්දා (30) ගාල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...