. නිලූක දරුණු පරාජයකට මුහුණදෙයි | කෙළිමඬල
2017 ජූලි මස 26 වැනි බදාදා
නිලූක දරුණු පරාජයකට මුහුණදෙයි
2016-08-11 21:59:22 | .

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අද (11) පැවැති ‘පී’ කාණ්ඩයේ මුලික වටයේ තරගයේදී චීනයේ ප‍්‍රබල ක‍්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න තරග වට 2-0 ක පරාජයක් ලැබීය. පළමු වටය 21/7 ක් ලෙස ජයගත් චෙන් ලොන්ග්, දෙවැනි වටය ජය ගත්තේ ලකුණු 21/10 ක් ලෙසිනි.

නිලූකගේ පළමු ප‍්‍රතිවාදියා වු 27 හැවිරිදි චෙන් ලොන්ග්, වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (පිරිමි) දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබලතම ක‍්‍රීඩකයෙක් විය. දෙවතාවක්ම ලෝක බැඞ්මින්ටන් ශූරතාව දිනා ඇති ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත් ක‍්‍රීඩකයාද වේ.

නිලූක, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණෙමින් දස්කම් දැක්වීය.

ඊයේ පැවැති තරගයේ දෙවැනි වටය ආරම්භයේදී ලකුණු 4-2 ක් ලෙස නිලූක පෙරමුණ ගත් නමුත් ප‍්‍රතිවාදියාගේ දුර්වල තැන් හදුනාගත් චීන ක‍්‍රීඩකයා ලකුණු 21 ඉක්මනින් හඹා ගියේය. රියෝ ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේ නිලූක, ‘පී’ කාණ්ඩයෙන් තවත් මුලික වටයේ තරග දෙකකට සහභාගිවීමට නියමිතය.

ලෝක ශ්‍රේණිගත කිරීමේ 58 වැනි ස්ථානයේ පසුවන පෝලන්තයේ අද්රියන් දිසෙල්කෝ සමඟ මේ මස 15 වැනිදා ද, ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ගෝතමාලාවේ කෙවින් කොර්ඩන් සමඟ මෙම 13 වැනිදා ද නිලූක තරග වැදීමට නියමිතය.

ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පිරිමි කේවල ඉසව්වේ නිලූක, දැන්  සිටින්නේ 93 වැනි ස්ථානයේය.

 

-090

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාවන් නොකියා කියූ කතාව...
2017-07-23 00:05:08
වසර 32 ක කාලයක් පුරා, කිසිදු සැක සංකාවකින් තොරවම, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙල වාර්ෂිකව දැකගත හැකිවිය. එය ශ්‍රී ලංක...
වසර 38 ක ඉතිහාසයේ සුවිශේෂී කඩයිම.......
2017-07-23 00:11:56
වසර 38 ක ඉතිහාසයකට උරුමකම් කියන වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු ව...
දේශපාලන න්‍යායපත්‍රයක් නැති පරිපාලනයක් ඕනෑ ...
2017-07-20 11:45:25
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. ලෝකයේ සුප්‍රසිද්ධ ක්‍...
පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි...
2017-07-22 17:50:25
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිල...