. ශා. සෙබස්තියන් 17 න් පහළ ශූරතාව දිනාගනී | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
ශා. සෙබස්තියන් 17 න් පහළ ශූරතාව දිනාගනී
2016-09-04 16:18:18 | .

නුවනිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ  I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී ඉකුත් සිකුරාදා පැවැති අවසන් මහ තරගයේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 141 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

පන්දු 113 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 138 ක් රැස්කරමින් නුවනිඳු ප්‍රනාන්දු, ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

නුවනිඳුගේ අගනා ඉනිම නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 262 ක් ලබාගත්තේය.

ප්‍රවීන් කුරේ (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු, ඉන් නොනැවතී තුෂාර ප්‍රනාන්දු (42) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක්ද ගොඩනැගමින් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 79 කට මුහුණ දුන් ප්‍රවීන් කුරේගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 57 කට මුහුණ දුන් වූ තුෂාර ප්‍රනාන්දු සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විදුහල් කණ්ඩායමට ඕවර 42.4 ක් තුළදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුජ රණසිංහ ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් අතර තුෂාර ප්‍රනාන්දු ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත්තේය.

තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු නිමේෂ් පෙරේරා පන්දු 88 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 262
(නුවනිඳු ප්‍රනාන්දු 138, ප්‍රවීන් කුරේ 39, තුෂාර ප්‍රනාන්දු 42, යේෂාන් වික්‍රමාරච්චි 62/2, නිපුන් ලක්ෂාන් 48/2)

තර්ස්ටන් විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 121
(නිමේෂ් පෙරේරා 40, නිපුන් ලක්ෂාන් 18, විනුජ රණසිංහ 15/3, තුෂාර ප්‍රනාන්දු 30/2)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...