. 15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව නාලන්දයට | කෙළිමඬල
2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව නාලන්දයට
2016-09-15 17:11:59 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ අවසන් මහා තරගයේදී මොරටුව ශා. සෙබස්තියන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ කොළඹ නාලන්ද විදුහල අන්තර් පාසල් වයස 15 න් පහළ I වැනි කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) අවසන්විය.


1990 න් පසුව අවසන් තරගයකට සුදුසුකම් ලබාගත් කොළඹ නාලන්ද විදුහල් වයස 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම වසර 26 කට පසුව තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය.


තරගයේ පළමු දිනයේදී ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 172 කට සීමා කළ නාලන්දා ක්‍රීඩකයෝ දිනය නිමාවන විට ඕවර තුනකට පමණක් ක්‍රීඩා කරමින්  කිසිවකු නොදැවී ලකුණු 4 ක් රැස්කර ගැනීමට සමත්වූහ.


නාලන්ද විදුහල පළමු ඉනිම සදහා ඕවර 66 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස්කර ගනිමින් පළමු ඉනිමේ ජය වාර්තාකළ පසු දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සදහා කාළය නොමැතිවීම හේතුවෙන් ඉනිම අත්හිටුවමින් තරගය නවතා ඇත.


ලක්ෂාන් කාශ්‍යප (72) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.


මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවීයාම හේතුවෙන් මැදපෙළ සහ අවසන් පිතිකරුවන්හට ඉනිම ගොඩනැගීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවු අතර ලකුණු ලබාගැනීමේ වේගය ඉතාපහළ මට්ටමක පැවැතිනි.


ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87.5 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(දුනිත් වෙල්ලාලගේ 31, ජනිෂ්ක පෙරේරා 21, ජයෝද් කල්දේරා 25/3, තමිඳු කමලසූරිය 30/2, රවීන් ද සිල්වා 17/2)


නාලන්ද විද්‍යාල ‘ඒ’ - පළමු ඉනිම - ඕවර 66 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(ලක්ෂාන් කාශ්‍යප 72, රවීන් ද සිල්වා 27, ජයෝද් කල්දේරා නොදැවී 21, දුනිත් වෙල්ලාලගේ 45/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
ඉන්දියානු පිතිකරුවෝ තරගය සෙල්ලමකට ගනිති...
2017-08-20 21:14:16
  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 217 ක ඉලක්කය හඹා යාම සෙල්ලමකට බා...
කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ කැපවීම මදි - සනත්...
2017-08-17 22:01:07
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවේ දෙවැනි කොටස   ප්‍රශ්නය - මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි...
ආබාධිතයන්ගේ ලයිස්තුව දිග වැඩියි - සනත්...
2017-08-16 22:11:12
අන්තර්ජාතික කෙළිබිමේ ශ්‍රී ලංකාවේ සංඛේතය බවට පත්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උදාවී ඇත්තේ මහත් අභාග්‍ය සම්පන්න කාලයකි...