. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 14 වැනි බ‍්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි
2016-09-16 20:49:44 | .

ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම සමත්ව සිටී. ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 18 වැනිදා (ඉරිදා) අවසන් වීමට නියමිතය.

ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් වොලිබෝල් කණ්ඩායමක් සහභාගි වී ඇත්තේ පළමු වරටය. මෙම තරගාවලියේද ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම විසින් මහජන චීනය, වෙනිසියුලාව, උතුරු කොරියාව සහ ලෙබනන් රාජ්‍ය සමග තරග වදිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

‘බී’ කොටසේ ප්‍රථම තරගයේදී මහජන චීන කණ්ඩායම තරග වට 3-1 කින්ද උතුරු කොරියානු කණ්ඩායම තරග වට 3-0 කින්ද පරාජය කළ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා පිරිමි වොලිබොල් කණ්ඩායම ලෙබනන් කණ්ඩායම තරග තරගයද වට 3-0 කින් පහසුවෙන් ජයගත්තේය. එහෙත් තියුණු තරගයකින් පසු වෙනිසියුලානු කණ්ඩායම වෙතින් තරග වට 3-2 ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘බී’ කොටසේ ශූරයින් ලෙසිනි. එහි අනුශූරතාවය මහජන චීනය හිමිකරගෙන සිටියි. ‘ඒ’ කොටසේ ශූරතාවය ඉරානය විසින්ද අනුශූරතාවය දකුණු කොරියාව විසින්ද හිමිකරගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට ප.ව. 7.00 ට ඉරානයේ ටෙහෙරාන් නුවරදී දකුණු කොරියාව සමග දෙවන අවසන් පූර්ව තරගයට මුහුණ දෙයි. පළමු අවසන් පූර්ව තරගය ඉරානය සහ මහජන චීනය අතර පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 5.00 ට පැවැත්වේ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායමේ නායකයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මොරිස් චාමින්ද කටයුතු කරයි. ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමන් චන්ද්‍රනාත්ද සහායක පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජගත් සේනාධීරද කටයුතු කරති.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...