. රනිල් විජේසේකර කුසලාන රාජකීයයන්ට | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
රනිල් විජේසේකර කුසලාන රාජකීයයන්ට
2016-09-24 17:39:54 | .

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති 9 වැනි ‘රනිල් විජේසේකර’ අභියෝග කුසලාන වාර්ෂික බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රාජකීය විදුහල සමත් විය.

අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් කාණ්ඩ 2 ක් යටතේ පැවැති මෙම තරගාවලියේදී 16 න් පහළ තරගාවලිය කේවල තරග 3 කින්ද, 19 න් පහළ තරගාවලිය කේවල තරග 3 කින් සහ යුගළ තරගයකින්ද සමන්විත විය.

එහිදී තරග 3-0 ක් ලෙස වයස 16 න් පහළ තරගාවලිය ජයගත් රාජකීය ක්‍රීඩකයෝ වයස 19 න් පහළ තරගය ජයගත්තේ තරග 3-1 ක් ලෙසිනි. මෙම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


වයස 16 න් පහළ තරග

රාජකීය විදුහල විසින් තරග 3-0 ලෙස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
■    කවිත් ජයසූරිය (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සංගීත් ගුණවර්ධන (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/14, 21/11)
■    සතීර කරුණාසිංහ (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු පීරිස් (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/06, 21/15)
■    නෙතුල් ලියනගේ (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තනුෂ්ක ගුණවර්ධන (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/10, 21/08)


වයස 19 න් පහළ තරග

රාජකීය විදුහල විසින් තරග 3-1 ලෙස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
■    නිලේෂ් විජේසේකර (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු වනසිංහ (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/12, 21/13)  
■    ලක්ෂාන් මෙන්ඩිස් (සා. තෝමස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස දිනුක කළුආරච්චි (රාජකීය විදුහල) පරාජය කරන ලදි. (21/18, 13/21, 22/20)
■    තවින් රණබාහු (රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස රෙහාන් විජේසේකර (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (19/21, 21/10, 21/16)  
■    හරිඳු අධිකාරි සහ සහ තවින් රණබාහු (රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පසිඳු වනසිංහ සහ රෙහාන් විජේසේකර (සා. තෝමස් විදුහල) පරාජය කරන ලදි. (21/16, 21/14)  

 


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි...
2017-05-18 21:42:31
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී සිදුවූ අපකීර්තිමත් තරග පාවාදීම අනාවරණය කරගැනීම සදහා බි්‍රතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය උදව් කළ බව ලෝ...
සංගක්කාර පළමු පෙළ ලකුණු 20,000 පසුකරයි...
2017-05-22 21:38:07
ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන වසර දෙකක් ගෙවී ගියද පළමු පෙළ පිතිකරුවකු වශයෙන් තවමත් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින කුමාර් සංගක්කාර පළමු ප...