. අත් කාලඝණන යන්ත්‍ර ගැන දෙගිඩියාවක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා
අත් කාලඝණන යන්ත්‍ර ගැන දෙගිඩියාවක්
2016-10-02 20:05:39 | නාමල් පතිරගේ යාපනය දොරේඅප්පා පිටියේ සිට


මීටර 800න් ඉහළට ධාවන ඉසව් සඳහා අත් කාලගණක යන්ත්‍ර යොදා ගැනීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා නීති රීතිවලට එකඟද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි මීටර 800 (කාන්තා) ඉසව්වේ හිටපු ජාතික ශූරිය වන ධම්මිකා මැණිකේ මහත්මිය ප්‍රකාශ කරන්නීය.

යාපනය දොරේඅප්පා පිටියේදී පැවැති 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වෙන් නිමාලි ලියනආරච්චි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමෙන් පසුව පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳව කළ කරුණු විමසුමකදී ඇය එසේ පැවසුවාය.

ධම්මිකා මැණිකේ සතුව තිබූ මීටර 800 ශ්‍රී ලංකා වාර්තාව වසර 24 කට පසුව නිමාලි ලියනාරච්චි විසින් බිඳ දමන ලද්දේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ තණකොළ සහිත ධාවන පථයකදී විනාඩි 2 තත් 03.05 කින් තරගය නිම කරමිනි. ඒ සඳහා කාලය මනින ලද්දේ අත් කාලගණක යන්ත්‍ර භාවිතයෙනි.

එහෙත් ධම්මිකා මැණිකේ විසින් එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාව තබන ලද්දේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී විනාඩි 2 තත්ත්පර 3.85 කට තරගය නිම කරමිනි.

ඒ පිළිබඳ ධම්මිකා මැණිකේගෙන් කළ විමසීමකදී ඇය මෙසේ ද අදහස් දැක්වූවාය.

“නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූ නිමාලිට මම හදවතින්ම සුබ පතනවා. ඇයත් මම වගේම දුෂ්කරතාවලින් ජය ගත් ක්‍රීඩිකාවක්. නමුත් එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව ගණනය කරලා තිබෙන්නේ අත් කාලගණක යන්ත්‍ර යොදා ගනිමින්”

“එවැනි අවස්ථාවකදී දශම ගණනින් වන කාලවේලා පිළිබඳව ගැටළු පැනනැගිය හැකැයි. මීටර 800න් ඉහළ මැදි දුර, දිගු දුර ධාවන ඉසව් සඳහා අත් කාලගණක යන්ත්‍ර භාවිතය පිළිබඳව අපි දැනුවත් වෙලා නෑ. මලල ක්‍රීඩා සංගමය කියන්නෙ මේ අවුරුද්දේ ඉඳලා එය වලංගුයි කියලා. මෙතනදී එහි සත්‍යතාවය පිළිබඳව අපි පැහැදිලි කර ගත යුතුයි” යයි කී හිටපු ධාවන ශූරිය ධම්මිකා “ඔලිම්පික් තරග ධාවන පථයකදී පිහිටුවූ මෙවැනි වාර්තාවක් තණකොළ සහිත ධාවන පථයක බිඳවැටීම අපට විශ්මයක් වෙනවා” යයිද පැවසුවාය.

මේ අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක සුසන්තිකා ජයසිංහ මහත්මිය යාපනයේදී ලංකාදීපයට පැවසුවේ, දොරේඅප්පා පිටියේ බිහිවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්තා පිළිබඳව ඔලිම්පික් පදක්කම්ලාභිනියක් ලෙස තමන්ට එකඟවිය නොහැකි බවයි.

එබැවින් ඒ පිළිබඳව කරුණු සොයා බලන ලෙස තමන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙන බවත් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
කෝලි තවත් වාර්තාවක් අභියස...
2017-09-23 20:27:41
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් ක...
සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි...
2017-09-23 18:44:15
සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ...
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති...
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
ලෙඩ්ඩු නැති ටීම් එකක් හදාගන්න බැරිද? වෙන කවුරු හරි දාලා... මේක කරන්න. එයා සනීප වෙනකම් වත්. අනික මෙයා මැච් එකකට කලින් දවසේ ලෙඩ වෙනවා. ලෙඩ ගුහාවක්නේ... ...
උපුල් තරංග ...
ඔව්, අපිට අපේ ක්‍රිකට් ආපහු ඕනේ... අපි අයට උදව් කරනවා. අතීතය අමතක කරලා සැබෑ සිංහයන් ලෙසින් වැඩ පෙන්වන්න. ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...