. කොත්මලේ කුසලාන පාසල් පාපන්දු අවසන් තරගය යාපනයේදී | කෙළිමඬල
2017 ජූනි මස 27 වැනි අගහරුවාදා
කොත්මලේ කුසලාන පාසල් පාපන්දු අවසන් තරගය යාපනයේදී
2016-10-10 22:03:32 | නාමල් පතිරගේ

අන්තර් පාසල් වයස 19න් පහළ බාලක “කොත්මලේ” කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගය ලබන නොවැම්බර් 6 වැනිදා යාපනය “දොරේඅප්පා” පිටියේදී පැවැත්වේ. එහි අවසන් පූර්ව තරග එම පිටියේදීම නොවැම්බර් 4 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිවයිනේ ජනප්‍රිය පාසල් කණ්ඩායම් 28ක් සහභාගිවූ මෙහි අවසන් පූර්ව තරග සඳහා යාපනයේ පාසල් කණ්ඩායම් දෙකක් තේරී සිටීම කැපී පෙනේ. ඒ ගියවර ශූරතාව දිනාගත් යාපනය එලයාලේ ශාන්ත හෙන්රි විදුහල හා යාපනය ශාන්ත පැට්‍රික් විදුහලය.

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා ගියවර අනු ශූරතාව ලද කොළඹ සහිරා විදුහල අවසන් පූර්ව වටයට පිවිසි සෙසු පාසල් කණ්ඩායම් දෙකය.

කොළඹ සිටි ලීග් පිටියේ පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය ශාන්ත පැටි්‍රක් විදුහල විසින් කොළඹ හමීඩියා අල් හුසේන් විදුහල දඬුවම් පහර 3-1ක් ලෙසත්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින් කළුතර සිරිකුරුස විදුහල ගෝල 5-2ක් ලෙසත් පරාජය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූහ.

මේ අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරග දෙකේදී යාපනය ශාන්ත හෙන්රි විදුහල විසින්ද මීගමුව ශාන්ත මේරි විදුහල විසින්ද (2-0) කොළඹ සහිරා විදුහල විසින්ද කඳාන ද මැසනොද් විදුහල (4-1) පරාජය කරන ලදී.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ එවකට සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ අදහසක් අනුව මෙවර ජනප්‍රිය පාසල් අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම සඳහා මෙම තරගමාලාව හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව ශාන්ත පැට්‍රික් විදුහල හා ජෝශප් වාස් විදුහල අතරද ශාන්ත හෙන්රි විදුහල හා කොළඹ සහිරා විදුහල අතරද මෙවර කොත්මලේ කුසලාන අවසන් පූර්ව තරග දෙක පැවැත්වේ.

තරගාවලියේ මූලික වටය කාණ්ඩ හතරකින් ලීග් ක්‍රමයට පැවැති අතර ඊට මුළු තරග 84ක් අන්තර්ගත විය.

 

චාමර2016-10-12 09:26:32
ලෝක පාපන්දු කුසලානයට ලංකාව කවද යයිද?

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කොදෙව් ජ්‍යෙෂ්ඨයෝ සල්ලිම හොයති...
2017-06-20 18:27:58
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය හේතුවෙන් බටහිර ඉන්දීය පිලට ක්‍රීඩා කරනු වෙනුවට ලෝකය වටා පවත්වන වඩා වැඩි මු...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...