. බුවනෙක - තිළිණි මුල් තැන් ගනිති | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
බුවනෙක - තිළිණි මුල් තැන් ගනිති
2016-10-26 17:38:32 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ආරම්භ වන විට පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට බුවනෙක ගුණතිලකද, කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට තිළිණි හෙන්ඳහේවාද සමත්ව සිටියහ. ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ තරග ඊයේ (25 වැනිදා) ආරම්භවීමට නියමිතය තිබුණද එම තරග අද ආරම්භ විය.

නුවර එළියේ වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලිය සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, ඉකුත් වසරේ පැවැති 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 80 ක් ලබාගත් බුවනෙක ගුණතිලක පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගත්තේය.

ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන දිනූක කරුණාරත්න එස්. එස්. සී. බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින් සහ 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාව හිමිකරගනිමින් ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 60 කි.

සචින් ඩයස් එහි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නුවර එළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතා දිනාගනිමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 60 ක් ලබාගනිමිනි. ජාතික ශූරතාව 16 වරක් ජයගෙන සිටින නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන අතර තමා සහභාගි වූ එකම තරගාවලිය වූ 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ජයගනිමින් ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 කි.

63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය සහ ආරියදාස බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, නුවර එළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතා දිනාගනිමින්ද ලකුණු 110 ක් ලබාගත් තිළිණි හෙන්ඳහේවා කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන තිබිණ.

කාවින්දි ඉෂාදිකා එම ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර නුවරඑළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලිය සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අනු ශූරතාව හිමිකරගනිමින් සහ ආරියදාස බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100 කි.

ජාතික ශූරතාව 11 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නුවරඑළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ, ආරියදාස බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වට වලට සුදුසුකම් ලබමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 60 ක් ලබාගනිමිනි.

ඉකුත් 22 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය මේ මස 29 වැනිදා දක්වා කුරුණෑගල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ බෝයගනේ විජයබාහු යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්
බුවනෙක ගුණතිලක  80
දිනූක කරුණාරත්න  60
සචින් ඩයස්  60
රන්තුෂ්ක සසිඳු 50
හසිත චානක  45
නිලූක කරුණාරත්න  40
ආර්. එස්. දහනායක 35
චාමික කරුණාරත්න  30
විබවි මධූෂ  30
තිසර නිම්මික  23

 

කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්
තිළිණි හෙන්දහේවා  110
කාවින්දි ඉෂාදිකා 100
චන්ද්‍රිකා ද සිල්වා  60
අචිනි රත්නසිරි  40
උපුලි වීරසිංහ  35
ලේඛා ශෙහානි  30
නදීෂා ගයන්ති  25
හසිනි අම්බලන්ගොඩගේ  20
කවිෂ්කා ගුණරත්න  20
බුත්මි ගලගමගේ 20

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි...
2017-05-18 21:42:31
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී සිදුවූ අපකීර්තිමත් තරග පාවාදීම අනාවරණය කරගැනීම සදහා බි්‍රතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය උදව් කළ බව ලෝ...
සංගක්කාර පළමු පෙළ ලකුණු 20,000 පසුකරයි...
2017-05-22 21:38:07
ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන වසර දෙකක් ගෙවී ගියද පළමු පෙළ පිතිකරුවකු වශයෙන් තවමත් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින කුමාර් සංගක්කාර පළමු ප...