. වයස 70 රෙගුලාසියට එරෙහිව ගතු කියති | කෙළිමඬල
2017 ජූනි මස 27 වැනි අගහරුවාදා
වයස 70 රෙගුලාසියට එරෙහිව ගතු කියති
2016-10-26 19:41:28 | නාමල් පතිරගේ

නව ක්‍රීඩා රෙගුලාසි පැනවීමේදී වයස 70 ට වැඩි පුද්ගලයන්ට ක්‍රීඩා තනතුරු දැරීම තහනම් කිරීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට ක්‍රීඩා ප්‍රවීණයන් රැසක් සූදානම් වන බව වාර්තා වේ. එවැනි වයස් සීමාවන් පැනවීම ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රඥප්තියට පටහැනි බැවින් ඒ සඳහා ගන්නා කවර උත්සහයකට වුවද එරෙහි විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් ප්‍රේමා පින්නවල මහතා ඉකුත් දා පැවති එම සංගමයේ මධ්‍යම කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ නිරතව සිටින පුද්ගලයන්ට වයස් සීමාවක් පැනවීම ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රඥප්තියට මුළුමනින්ම පටහැනි බැවින් ඒ පිළිබඳව අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවයි.

ප්‍රේමා පින්නවල මහතා වසර 14 කට ආසන්න කාලයක් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ධුරයද දරා තිබෙන ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන නිලධාරියෙකි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දුන් ප්‍රතිඥාව අනුව මෙරට ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය මෙම වසර අවසානයට පෙර සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙසේ මෙරට ක්‍රීඩා රෙගුලාසි ගණනාවක් සංශෝධනය කෙරෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට හානි කර යැයි හඳුන්වාගෙන තිබෙන ක්‍රීඩා රෙගුලාසි ය.

 ඒ අනුව මෙරට ක්‍රීඩා පරිපාලනයේ නිරතවන්නන්ට වයස් සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එකඟතාවය පළ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස වී ඇත්තේ මෙරට ඇතැම් ජාතික ක්‍රීඩා සංගම්හි දීර්ඝ කාලයක් තිස්සේ තනතුරු හොබවන නිලධාරීන් හා නිලධාරිනියන් නිසා ඒවායේ පරිපාලන අර්බුද උග්‍රවෙමින් තිබෙන බවය. එසේම නවකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට සඳහාද එම යෝජනාව ක්‍රියාවට නැගිය යුතු බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස වී තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රවීණයන් එක්ව සකස් කළ ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංශෝධිත ක්‍රීඩා රෙගුලාසි ඇතුළත් කොටුම්පත අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කිරීම සඳහා මේ වන විට සූදානම් කර ඇතැයි වාර්තා වේ.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරට ක්‍රීඩා පරිපාලනයේ නිරතවීම වයස 70 ට වැඩි පුද්ගලයන්ට තහනම් කරන්නේ අදාළ ජාතික ක්‍රීඩා සංගමයට අයත් ජාත්‍යන්තර මවු සංගමයේ රෙගුලාසිවලට අනුකූලව නම් පමණක් බවය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ අදාළ ජාත්‍යන්තර මවු සංගමයේ පරිපාලන තනතුරු දැරීමේදී වයස් සීමාවන් පනවා තිබේ නම් පමණක් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා රෙගුලාසි පැනවීමේදී අවධානයට යොමු වන බවය.

මේ අතර දේශපාලනඥයන්ට තනතුරු දැරීම තහනම් කිරීමේ ක්‍රීඩා රෙගුලාසි පිළිබඳවද යළි අවධානයට යොමු කිරීමට තීරණය වී තිබේ. එහිදී ක්‍රීඩා පරිපාලනයේ තනතුරු හෙබවීමට සුදුසුකම් ඇති දේශපාලනඥයන්ට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මෙරට ක්‍රීඩා පරිපාලන තනතුරු දැරීමේ අවස්ථාව තවදුරටත් සලසාදීම ඒ අනුව වෙනස් නොවන බවද වාර්තා වේ.

නව රෙගුලාසිවලින් කියවුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සිට ඕනෑම ප්‍රාදේශීය දේශපාලන අධිකාරියකින් හෙබි දේශපාලඥයන්ට ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනම් වන බවය.

ජාතික ක්‍රීඩා සංගම්හි සාමාජික ධුරය දරන්නන්ගේ මූල්‍ය කටයුතු දැනුම පරීක්ෂාවට ලක් කිරීම ඒවායෙහි නිලවරණ කැඳවන කාලසීමාව සංශෝධන කිරීම, ජාතික ක්‍රීඩා සංගම් වාර්ෂික ගිණුම් වාර්තා රජයේ විගණකාධිපති අංශයේ නිරීක්ෂණයට ලක් කිරීම අනිවාර්ය කිරීම එහි නව වගන්ති ගණනාවක් මේ වන විට සූදානම් වී තිබෙන බවද ක්‍රීඩා අමාත්‍යාංශ  ආරංචි මාර්ග සඳහන් කරයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කොදෙව් ජ්‍යෙෂ්ඨයෝ සල්ලිම හොයති...
2017-06-20 18:27:58
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය හේතුවෙන් බටහිර ඉන්දීය පිලට ක්‍රීඩා කරනු වෙනුවට ලෝකය වටා පවත්වන වඩා වැඩි මු...
ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි ...
2017-06-21 13:42:41
ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉව...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...