. නිලුක - තිළිණි කේවල ශුරතා රැකගනිති | කෙළිමඬල
2017 මාර්තු මස 28 වැනි අගහරුවාදා
නිලුක - තිළිණි කේවල ශුරතා රැකගනිති
2016-10-30 14:32:29 | ශානුක අරවින්ද

පිට පිටම 16 වැනි වරටත් ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට නිලූක කරුණාරත්න සමත් විය. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සිය බාල සොහොයුරු චාමික කරුණාරත්න පරාජය කරමින් නිලූක මෙවර පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ඉකුත් ඊයේ (29 වැනිදා) බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න පරාජය කරමින් චාමික කරුණාරත්න විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නිලූක කරුණාරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-0 ක් ලෙස සචින් ඩයස් පරාජය කරමිනි.

තරගාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිළිණි හෙන්ඳහේවා සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කාවින්දි ඉෂාදිකා පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය. තිළිණි විවෘත කාන්තා කේවල ශූරතාව පිට පිටම දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.  

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරමින් තිළිණි හෙන්ඳහේවා විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර කාවින්දි ඉෂාදිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරමිනි.

තරගාවලියේ වඩාත් තියුණු අවසන් මහ තරගය බවට පත්වූ විවෘත පිරිමි යුගළ තරගයේදී නිලූක සහ දිනූක කරුණාරත්න සොහොයුරන්ට එරෙහිව බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් තරග වැදුණ අතර වට 2-1 ක් ලෙස එම තරගයේ ජය බුවනෙක සහ සචින් සතුවිය.

කේවල කාන්තා අවසන් තරගයේදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කාවින්දි ඉෂාදිකා සමග එක්ව විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගැනිමට තිළිණි හෙන්ඳහේවා සමත් වූවාය. යුගළ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඔවුන් දෙදෙනා හමුවේ හිටපු කාන්තා යුගළ ජාතික ශූරියන් වූ අචිනි රත්නසිරි සහ උපුලු සමන්තිකා පරාජයට පත් වූහ.
 
වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ ප්‍රවීණ ක්‍රීඩිකා රේණු චන්ද්‍රිකා පරාජය කරමින් විවෘත මිශ්‍ර යුගළ ශූරතාවද තමන් සතුකරගැනීමට බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා සමත් වූහ.
 
ඒ අනුව මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට තිළිණි හෙන්ඳහේවා (කාන්තා කේවල සහ කාන්තා යුගළ), කාවින්දි ඉෂාදිකා (කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ) සහ බුවනෙක ගුණතිලක (පිරිමි යුගළ සහ මිශ්‍ර යුගළ) සමත් වූහ.


විවෘත පිරිමි කේවල
නිලූක කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස චාමික කරුණාරත්න පරාජය කරන ලදි. (21/14, 21/10)

විවෘත පිරිමි යුගළ
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න පරාජය කරන ලදහ. (21/15, 23/25, 21/19)

විවෘත කාන්තා කේවල
තිළිණි හෙන්ඳහේවා විසින් වට 2-0 ක් ලෙස කාවින්දි ඉෂාදිකා පරාජය කරන ලදි. (21/14, 21/15)

විවෘත කාන්තා යුගළ
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා විසින් වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (21/17, 28/26)

විවෘත මිශ්‍ර යුගළ
බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා විසින් වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා පරාජය කරන ලදහ. (21/12, 18/21, 21/19)

 

විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් නිලූක කරුණාරත්න

විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා

විවෘත පිරිමි යුගළ ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස්

විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා

විවෘත මිශ්‍ර යුගළ ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා
(ඡායාරූප - ශානුක අරවින්ද)

 

Jayantha Perera2016-11-01 03:34:51

මෙම තරඟාවලිය නම් හොඳයි. නමුත් කාගේ හෝ උවමාවකට පාසල් බැඩ්මින්ටන් සංගමය, අවුරුදු 13 පහළ සිට ඉහළ වයස් කාණ්ඩ වලට යුගල තරඟ පමණක් පවත්වනවාලු. මෙසේ කිරීමෙන් දරුවන්ගේ දක්ෂතා කප්පාදු වේ. පාසල් බැඩ්මින්ටන් සංගමයෙ කාගෙ හරි ළමයෙකු ඒකල තරඟවලට තේරෙන්නේ නැතුව ඇති. ඒකයි මෙලෙස සිදුකරනවා ඇත්තෙ. මීට පෙර එක පාසලකින් A සහ B ලෙස කන්ඩායම් දෙකක් සහභාගි වූ අතර ඉන් එක් කණ්ඩායමකට ඒකළ තරඟ තුනක් සඳහා, යුගල තරඟ දෙකක් සඳහා සහ අතිරේක තරඟකරැවන් අයත්විය. යුගල තරඟවලට තේරෙන දරුවන් උත්සහ කරන්නේ ඒකළ තරුඟකරුවන් බවට පත්වීමට ය. එමනිසා දරුවන් අතර තරඟකාරිත්වය වැඩිවී දක්ෂතා වැඩිදියුණු වේ. යුගල තරඟ පමණක් පැවැත්වීමෙන් දරුවන් දක්ෂතා වැඩිදි යුණු කරගෙන ජාත්යන්තරය ජයගන්නේ කෙසේද? ඇමතිතුමා ඇතුලු බලධාරීන්ට මේවා පේන්නේ නැතිද?


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...