. ක්‍රීඩා ඇමති පමාවෙන් අවසන් තරගයත් පමාදයි | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
ක්‍රීඩා ඇමති පමාවෙන් අවසන් තරගයත් පමාදයි
2016-10-30 14:40:19 | .

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වූ ක්‍රීඩා අමාත්‍යවරයා එම ස්ථානයට ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් තරගාවලියේ අවසන් තරග ඉසව්ව වූ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගය පැය එකහමාරකට පමණ පසුව ආරම්භ කිරීමට සිදුවිය.

තරගාවලියේ කාල සටහනට අනුව පස්වරු 4.15 ට පිරිමි කේවල අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර එම තරගයට පෙර පැවැති විවෘත කාන්තා කේවල අවසන් මහ තරගය පස්වරු 4.00 ට පමණ අවසන් විය.
ක්‍රීඩා අමාත්‍යවරයා පැමිණෙන තෙක් පිරිමි කේවල අවසන් මහ තරගය ආරම්භ නොකෙරුණ අතර ඒ හේතුවෙන් එම තරගයට සුදුසුකම් ලබාසිටි ක්‍රීඩකයන් දෙදෙනාට තරගය ආරම්භ කෙරෙන තුරු පැය එකහමාරක පමණ කාලයක් බලා සිටීමට සිදුවිය. දෙදෙනාගෙන් අයෙක් සංවිධායකයන් වෙත ගොස් තරගය ආරම්භ කෙරෙන වේලාව පිළිබඳව කිහිප වරක්ම අසා සිටියද සංවිධායකයන්ගේ පිළිතුර වූයේ ක්‍රීඩා අමාත්‍යවරායා පැමිණි විගස තරගය ආරම්භ කරන බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා එම ස්ථානයට ලගාවන විට පස්වරු 5.30 පමණ වූ අතර ඉන් අනතුරුව පිරිමි කේවල අවසන් මහ තරගය ආරම්භ කෙරිණ.

එම තරගයය අවසන් වීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර එය අවස්ථාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණය විදුලි ආලෝකයට රැස්වන කුඩා කෘමී සතුන්ගෙන් (මෙරු) පිරීයාම නිසා එහි සිටි අය මහත් අපහසුතාවට පත්වූ බව දැකගත හැකි විය.

ජාතික තරගාවලියක් සඳහා අවශ්‍ය මූලික පහසුකම් නොමැතිව වුවද ක්‍රීඩා අමාත්‍යවරයා සතුටු කිරීම පිණිස ඔහුගේ මැතිවරණ බල ප්‍රදේශය වන කුරුණැගලදී ජාතික තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් පියවර ගෙන තිබූ බව බැඞ්මින්ටන් සංගමයේ අභ්‍යන්තර තොරතුරු දන්නෝ පැවසූහ. ඒ හේතුවෙන් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ටද නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ බවද දැනගන්නට ලැබිණ.

 

- 036


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
බ්‍රිතාන්‍ය තොරතුරු මත පාවාදීම අනාවරණය වෙයි...
2017-05-18 21:42:31
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී සිදුවූ අපකීර්තිමත් තරග පාවාදීම අනාවරණය කරගැනීම සදහා බි්‍රතාන්‍ය ජාතික අපරාධ ඒජන්සිය උදව් කළ බව ලෝ...
සංගක්කාර පළමු පෙළ ලකුණු 20,000 පසුකරයි...
2017-05-22 21:38:07
ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන වසර දෙකක් ගෙවී ගියද පළමු පෙළ පිතිකරුවකු වශයෙන් තවමත් විශිෂ්ට දස්කම් දක්වමින් සිටින කුමාර් සංගක්කාර පළමු ප...