. මධුක - හසාරා ජාතික කනිෂ්ඨ ශූරතා දිනති | කෙළිමඬල
2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා
මධුක - හසාරා ජාතික කනිෂ්ඨ ශූරතා දිනති
2016-11-01 16:24:52 | ශානුක අරවින්ද

ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස 19 න් පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ මධුක දුලාංජන සමත් විය. නාවල විදුර විදුහලේ හසාරා විජේරත්න බාලිකා කේවල ශූරතාව දිනාගත්තාය.

කුරුණෑගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති බාලක කේවල අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශාමික හසරංග පරාජය කරමින් මධුක දුලාංජන මෙවර ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය.

හසාරා විජේරත්න මේ වසරේ ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වූයේ බාලිකා කේවල අවසන් මහ තරගයේදී කොළඹ විශාකා විදුහලේ ලසංගා හෙට්ටිආරච්චි පරාජය කරමිනි.

වයස 19 න් පහළ බාලක යුගළ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කසුන් අමරසේන සහ උමුදු ලියනගේ සමත් වූ අතර බාලිකා යුගළ ශූරතාව දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ බුත්මි ගලගමගේ සහ නුගේගොඩ අනුලා විදුහලේ නයනතාරා ටෙෂානි සමත් වූහ.

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සමග එක්ව 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කළේය.

බාලක කනිෂ්ඨ ජාතික ශූරතාව දිනාගත් මධුක දුලාංජන, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සහතිකපත ලබාගත් අයුරු...

 

බාලිකා කනිෂ්ඨ ජාතික ශූරතාව දිනාගත් හසාරා විජේරත්න, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සහතිකපත ලබාගත් අයුරු...

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
වාස් වධක භූමිය හඳුනාගනී...
2017-08-12 21:23:42
ජාතික කණ්ඩායමට වේග පන්දු යවන්නන් සොයාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව චමින්ද ව...
චන්දිමාල් එක්දින සංචිතයෙන් ඉවතට...
2017-08-15 21:27:51
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ න...
පිතිකරුවෝ මියෙම්වා රැකෙම්වා සටනක...
2017-08-13 17:11:30
පැය තුනක් යාමටත් පෙර ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අහවර කළ ඉන්දීය ක්‍රීඩකයෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ට...
ශ්‍රී ලංකාවට 3-0 ක සම්පූර්ණ සුද්දයක්...
2017-08-14 12:52:11
ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම තමන් යයි නැවත වරක් තහවුරු කළ විරාට් කෝලි ඇතුළු ඉන්දියානුවෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය...