. වීසා ප්‍රමාදයෙන් ගමන පමාවෙයි | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
වීසා ප්‍රමාදයෙන් ගමන පමාවෙයි
2016-11-02 19:38:26 | ශානුක අරවින්ද

ස්පාඤ්ඤයේදී බිල්බාඕ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තිදෙනකුට වීසා ලැබීම ප්‍රමාද වීම නිසා ගුවන් ගමන පමා කිරීමට ඔවුන්ට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායම සඳුදා (31 වැනිදා) පෙරවරු 10.30 ට පමණ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබුණද ඔවුන් ස්පාඤ්ඤය බලා පිටත් ගොස් ඇත්තේ ඊයේ (1 වැනිදා) පෙරවරු 11.00 ට පමණය.  

පසිඳු පල්ලියගුරු, එම්. ආර්. එම්. ශාදීර් සහ කවිෂ්කා ගුණරත්න යන ක්‍රීඩිකාවන්ට විසා ලැබෙන විට සඳුදා පස්වරු 6.00 පමණ වී තිබේ.

ගමන ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සහ නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ස්පාඤ්ඤයට ලඟා වන විට අද අළුයම 4.00 පමණ වී ඇති අතර තරගාවලියේ කණ්ඩායම් තරග අද පෙරවරු 12.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ සභාපති ඔෂාර පණ්ඩිතරත්න මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස තරගාවලියට සහභාගි වන අතර බාලිකාවන් භාර නිලධාරිනිය ලෙස රේණුකා විමලසූරිය මහත්මිය කටයුතු කරන්නීය. චමීර කුමාරප්පෙරුම මහතා බාලක කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, සුභාෂ් ජානක මහතා බාලිකා කණ්ඩායමේ පුහුණකරු ලෙසත් තරගාවලියට සහභාගි වෙති.


බාලක කණ්ඩායම -
ශාමික හසරංග, කසුන් අමරසේන, පසිඳු පල්ලියගුරුගේ, තෙවින් රාහුබද්ද, තිළිණ ගෝනපීනුවල, මදුක දුලාංජන, රන්තුෂ්ක සසිඳු, උමිඳු ලියනගේ, සෙව්මින ගුණතිලක සහ එම්. ආර්. එම්. ශාදීර්

බාලිකා කණ්ඩායම -
කවිෂ්කා ගුණරත්න, ඉනුරි කුරුප්පු, ලසංගනා හෙට්ටිආරච්චි, නයනතාරා ටෙෂානි, බුත්මි ගලගමගේ සහ හසාරා විජේරත්න

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...