. හොඳම 3 ක් ගෙදර නවතී | කෙළිමඬල
2018 ජූලි මස 17 වැනි අගහරුවාදා
හොඳම 3 ක් ගෙදර නවතී
2016-11-03 21:40:39 | ශානුක අරවින්ද

ස්පාඤ්ඤයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා නම් කරනු ලැබ සිටි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 19 දෙනාගෙන් තිදෙනෙකුට එම තරගාවලියට සහභාගි වීමේ වරම් අහිමි වී ඇති බව වාර්තා වේ.

තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට අපොහොසත් වීම නිසා ඩිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩ සහ අනුරංගි මාසකෝරල යන කී‍්‍රඩිකාවන් තිදෙනාට ස්පාඤ්ඤය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නොහැකි විය.

මෙම තිදෙනාගෙන් ඩිල්මි ඩයස් සහ හසිනි අම්බලන්ගොඩ දෙදෙනා පසුගිය ජූලි මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළහ. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සියලූම තරග පරාජය වුවද මැකාවෝ කී‍්‍රඩිකාවකට එරෙහිව පැවැති තරගය ජයගැනීමට ඩිල්මි ඩයස් සමත් වූවාය.

ඩිල්මි ඩයස් වයස 17 න් පහළ ජාතික කේවල ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 හිමි කී‍්‍රඩිකාව වන අතර හසිනි අම්බලන්ගොඩ එහි දෙවැනි ස්ථානයේද, අනුරංගි මාසකෝරල සිව්වැනි ස්ථානයේද පසුවෙති. ඩිල්මි ඩයස් සහ අනුරංගි මාසකෝරල වයස 17 න් පහළ යුගළ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම් වලද පෙරමුණේ රැඳී සිටිති. ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරගැනීමට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක්ද පැවැති අතර මෙම කී‍්‍රඩිකාවන් තිදෙනාම අපේක්‍ෂිත දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ.

ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කී‍්‍රඩා අමාත්‍යංශය මගින් ගුවන් ප‍්‍රවේශපත් ලබාදී තිබූ අතර තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ලෝක බැඞ්මින්ටන් සම්මේලනයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට ඇමරිකානු ඩොලර් 5000 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 730,000 ක්) මුදලක්ද ලබාදී තිබිණ.

තරගාවලිය දින 10 කට වැඩි කාලයක් පැවැත්වෙන බැවින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 19 දෙනෙකුට එපමණ කාලයක් ස්පාඤ්ඤයේ රැදී සිටීම සඳහා ලෝක බැඞ්මින්ටන් සම්මේලනයෙන් ලැබුණ මුදල ප‍්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඉතිරි මුදල අනුග‍්‍රහකයන්ගෙන් සොයාගැනීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලිපිද සකස්කර දී තිබේ.

කෙසේ වුවත් ඉහත කී‍්‍රඩිකාවන් තිදෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන මොහොත දක්වාම එම මුදල සොයාගැනීමට නොහැකි වීම නිසා තරගාවලියට සහභාගි වීමේ වරම් අහිමි වී ඇති බව දැනගන්නට ලැබේ.

මෙම තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ නවාතැන්, ආහාර පාන සහ අනිකුත් පහසුකම් සඳහා බැඞ්මින්ටන් සංගමය ඔවුන්ගෙන් අයකරගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 2 ක් පමණ වන බවද වාර්තා වේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...