. ශ්‍රී ලංකාව 36 වැනි තැනට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකාව 36 වැනි තැනට
2016-11-06 19:10:06 | ශානුක අරවින්ද

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් (කණ්ඩායම්) ශූරතාවලියේදී බල්ගේරියාවට සහ පේරු රාජ්‍යයට එරෙහිව ඊයේ (5 වැනිදා) පැවැති තරග වලදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 36 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

බල්ගේරියාවට එරෙහිව පැවැති තරගයේ බාලිකා කේවල තරගය ජයගැනීමට බුත්මි ගලගමගේ සමත් වුවත්, බාලක කේවල, බාලක යුගළ සහ මිශ්‍ර යුගළ තරග පරාජය වීම හේතුවෙන් එම තරගයෙන් ශ්‍රී ලංකාවට තරග 3-1 ක පරාජයක් අත්විය. එම තරගයෙන් පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ 33 වැනි හෝ 34 වැනි ස්ථාන කරා යෑමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට 35 වැනි හෝ 36 වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී පේරු රාජ්‍යයට එරෙහිව තරග වැදීමට සිදුවිය. එහිදී කිසිදු තරගයක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර ඉන් තරග 3-0 ක පරාජයක් අත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 36 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

පේරු රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව බාලක කේවල, බාලිකා කේවල සහ බාලක යුගළ තරග පරාජයට පත්විය. එහිදී බාලිකා කේවල තරගයේ එක් වටයක් ජයගැනීමට හසාරා විජේරත්න සමත් වූ අතර බාලක යුගළ තරගයේ එක් වටයක් ජයගැනීමට කසුන් අමසේන සහ රන්තුෂ්ක සසිඳු සමත් වූහ.


කණ්ඩායම් තරග ප්‍රතිඵල

බල්ගේරියාව විසින් තරග 3-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

■    බාලක කේවල තරගයේදී දිමිතාර් විසින් තරග වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදි. (21/14, 21/13)
■    බාලිකා කේවල තරගයේදී බුත්මි ගලගමගේ විසින් තරග වට 2-1 ක් ලෙස මිහයාලා නයිචේවා පරාජය කරන ලදි. (16/21, 21/19, 21/14)
■    බාලක යුගළ තරගයේදී ඉවාන් පනේව් සහ ඩැනියෙල් නිකොලොව් විසින් තරග වට 2-0 ක් ලෙස කසුන් අමසේන සහ උමුදු ලියනගේ පරාජය කරන ලදහ. (21/15, 21/09)
■    මිශ්‍ර යුගළ තරගයේදී ඩැනියෙල් නිකොලොව් සහ මාරියා ඩෙල්චේවා විසින් තරග වට 2-0 ක් ලෙස මධුක දුලංජන සහ නයනතාරා ටෙෂානි පරාජය කරන ලදහ. (21/13, 21/14)


පේරු රාජ්‍ය විසින් තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

■    බාලක කේවල තරගයේදී ඩියේගෝ මිනි විසින් තරග වට 2-1 ක් ලෙස ශාමික හසරංග පරාජය කරන ලදි. (21/19, 21/12)
■    බාලිකා කේවල තරගයේදී සපොනාරා රිවා විසින් තරග වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/14, 18/21, 21/14)
■    බාලක යුගළ තරගයේදී ජෝස් ගුවේවාරා සහ බෘනෝ බරුයේටෝ විසින් තරග වට 2-1 ක් ලෙස කසුන් අමසේන සහ රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදහ. (21/18, 14/21, 21/14)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...