. රන්තුෂ්ක සිවුවැනි වටයට එයි | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
රන්තුෂ්ක සිවුවැනි වටයට එයි
2016-11-09 20:55:55 | .

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ ඊයේ (9 වැනිදා) පැවැති බාලක කේවල තෙවැනි වටයේ තරගයකදී ජය ලබා සිව්වැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු සමත් විය.

බාලක කේවල දෙවැනි වටයේ තරගයකදී චීන තායිපේහි චෙන් සින් යුවාන්ට එරෙහිව වට 2-0 ක ජයක් අත්කරගනිමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් රන්තුෂ්ක සසිඳු, එහිදී නොර්වේහි මාර්කස් බර්ත් එරෙහිව වට 2-1 ක ජයක් අත්කරගනිමින් සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.

සිවුවැනි වටයේදී සිංගප්පූරුවේ සින් රේයි රයන් සමග රන්තුෂ්ක තරග වැදීමට නියමිතය. මෙම තරගය හෙට (10 වැනිදා) පැවැත්වේ.

බාලක සහ බාලිකා කේවල දෙවැනි වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කරගනිමින් තෙවැනි වටයට සුදුසකම් ලබාගැනීමට මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ සමත් වූහ. කෙසේ වුවත් තෙවැනි වටයේදී පිළිවෙළින් පේරු රාජ්‍යයේ බෘනෝ බරුඒටෝ සහ ජපානයේ අසුකා තකහාෂි හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන් දෙදෙනාට සිව්වැනි වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථා මගහැරී ගියේය.


බාලක කේවල තෙවැනි වටය

■    රන්තුෂ්ක සසිඳු විසින් වට 2-1 ක් ලෙස මාර්කස් බර්ත් (නොර්වේ) පරාජය කරන ලදි. (21/12, 18/21, 21/09)
■    ක්‍රිස්ටෝපර් ග්‍රිම්ලි (ස්කොට්ලන්තය) විසින් වට 2--0 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරන ලදි. (21/12, 21/13)


බාලිකා කේවල තෙවැනි වටය

■    අසුකා තකහාෂි (ජපානය) විසින් වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ පරාජය කරන ලදි. (21/06, 21/06)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...