. විදෙස් ක්‍රීඩකයන්ට තහංචියක් | කෙළිමඬල
2017 මාර්තු මස 28 වැනි අගහරුවාදා
විදෙස් ක්‍රීඩකයන්ට තහංචියක්
2016-11-29 19:53:50 | නාමල් පතිරගේ

පාපන්දු ලීග (සංගම්) 65 කට අයත් ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් 671 ක් සහභාගි වන අන්තර් සමාජ කාගිල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙවර විදේශීය ක්‍රිඩකයන්ට තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.


දේශීය ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව ලබාදීමටත් දේශීය ප්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ජීව ගුණය වඩාත් තහවුරු කිරීම සඳහන් එම තීරණයට පැමිණි බව පාපන්දු සම්මේලනය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.


මෙවර කාගිස් ෆුඞ්සිටි එෆ්.ඒ. කුසලාන පාපන්දු  තරගාවලියට  ඇතුළත් මුළු තරග 672 කි. ඊට එකතුවන ක්‍රීඩකයන්ගේ ගණන 16200 කි. විනිසුරුවන් හා තීරකවරුවන් 250 දෙනකුගේ සේවය ඒ සඳහා ලබා ගැනෙන අතර තරගාවලිය පුරා රාජකාරි කටයුතුවල නිරත වන නිලධාරින් ගණන 3360කි.


පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන පරිදි අවසන් මහා තරග අප්‍රේල් 8 වැනිදාට පෙර පවත්වා අවසන් කෙරේ. ප්‍රබල කණ්ඩායම් 16 ක් තරගාවලියට කෙලින්ම අවසන් වටයේ සිට සුදුසුකම් ලබා ගැනීමට වරම් ලබයි.



එෆ්.ඒ. කුසලාන පාපන්දු  තරගාවලියට සිව්වැනි වරටත් අනුග්‍රාහය දක්වන කාගිල්ස් ෆුඞ් සිටි ආයතනය වෙනුවෙන් එහි මෙහෙයුම් නිලධාරි ධම්මික ගුරුගේ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට එම අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.


පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරි සුමෙල් ජස්වර්, එහි මූල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු යන මහත්වරුද මෙහි වෙති.  

 

  අනුග්‍රහයෙනි

●●●

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...