. අ. අ. පූර්ව තරග හෙට - අනිද්දා | කෙළිමඬල
2017 නොවැම්බර් මස 20 වැනි සඳුදා
අ. අ. පූර්ව තරග හෙට - අනිද්දා
2016-12-04 17:03:50 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉකුත් වසරේ ශූරයන් වූ වේල්ස් කුමර විදුහල සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (5 වැනිදා) සහ අනිද්දා (6 වැනිදා) පැවැත්වේ.

පසුගියවර අනුශූරයන් වූ මහින්ද විදුහල, මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වීම සුවිශේෂී සිදුවීමක් විය.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු කණ්ඩායම් වනුයේ රත්ගම දේවපතිරාජ විදුහල, පානදුර රාජකීය විදුහල, කළුතර තිස්ස විදුහල, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, කොළඹ රාජකීය විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහලයි.

තරගාවලියට කණ්ඩායම් 75 ක් සහභාගි වූ අතර එම කණ්ඩායම් මූලික වටයේදී කාණ්ඩ 11 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදිණි. ඉන් කණ්ඩායම් 32 ක් දෙවැනි වටය සඳහා තොරාගනු ලැබූ අතර එහිදී ඔවුන් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ.

එම කණ්ඩ 8 හි ශූරයන් සහ අනුශූරයන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.


අර්ධ අවසන් පූර්ව වටයේ කාලසටහන

හෙට (5 වැනිදා)
පානදුර රාජකීය විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර පානදුරේදී
කළුතර තිස්ස විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය අතර කළුතරදී

අනිද්දා (6 වැනිදා)
මොරටුව වේල්ස් කුමර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර මොරටුවේදී
කොළඹ රාජකීය විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කොළඹදී

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
ඉන්දියාවට ලකුණු 7 ක් ළඟින්...
2017-11-18 12:04:06
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්...