. නාලන්දා - ශා. පීතර අ. පූර්ව තරගය හෙට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
නාලන්දා - ශා. පීතර අ. පූර්ව තරගය හෙට
2016-12-11 18:24:51 | ශානුක අරවින්ද

මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව තරගය හෙට (12 වැනිදා) කඳාන ද මැසිනොද් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නාලන්දා ජාතික පාසල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වෙයි. පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහලට එරෙහිව පොල්ගහවෙලදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගfිය්දී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ගලහිටියාව මැදි විදුහලට එරෙහිව බම්බලපිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.
ශලිඳු මල්මින නාලන්දා ජාතික පාසල් කණ්ඩායමේ නායකත්වය දරන අතර තිලෝක ද සිල්වා ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායමේ නායක්වය දරයි.

 

නාලන්දා ජාතික පාසල් කණ්ඩායම -
ශලිඳු මල්මින (නායක), මහිඳු බණ්ඩාර, දර්ෂන් සඳරුවන්, චාමික ජයතිලක, නඳුන් වීරසිංහ, අචින්ත ගුණසේකර, නිර්මන්ත මාරසිංහ, තත්සුක ඉන්දීප, අශාන් කුමාර, සචිරු කුලසූරිය, නවීන් පෙරේරා, කල්ප රුවන්පතිරණ, ෂෙහාන් මදුරංග, වනුජ බණ්ඩාර, තරුෂ ප්‍රනාන්දු, ආර්. එස්. කේ. රාමනායක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඔමිල වික්‍රමසිංහ මහතා (පුහුණුකරු)

ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම -
තිලෝක ද සිල්වා (නායක), ඉමේෂ් චන්දිමාල්, ගවින් කරුණාකලගේ, ශනෝන් රොද්‍රිගූ, යසිද් ජයන්, සිතුම් සිල්වා, දිනුක් පෙරේරා, දිනුක් විජේසිංහ, ශලින් ද අල්විස්, රෙවාන් රණසිංහ, විකුම් ගලහිටියාව, ශෙරාන් ප්‍රනාන්දු, රොමෙල් බෙල්ලන, සිනෙත් කළුආරච්චි, යොහාන් පීරිස්, ශවන්ත ප්‍රනාන්දු, හසක පෙරේරා, ධිරේන් ද සිල්වා, මින්දුල මායාකඩුව, වසන්ත හපුතන්ත්‍රි (ක්‍රීඩා භාර ආචාර්ය), මංජුක පෙරේරා මහතා (පුහුණුකරු)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...