. වේල්ස් කුමර - ශා. ජෝෂප් තරගයත් හෙට | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
වේල්ස් කුමර - ශා. ජෝෂප් තරගයත් හෙට
2016-12-11 18:40:22 | ශානුක අරවින්ද

වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අතර පැවැත්වෙන අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව තරගය හෙට (12 වැනිදා) වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුව ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ කොච්චිකඬේ ලොයෙලා විදුහලට එරෙහිව බෝපිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.

මතීෂ දිනාල් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර යුනෙත් ද අල්විස් වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායමේ නායක්වය දරයි.


ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම -
මතීෂ දිනාල් (නායක), රවීජ පෙරේරා, කල්හාර ප්‍රනාන්දු, ශහේන් විජේසුන්දර, දිලීප ප්‍රනාන්දු, ඉසුරු තිසේරා, අෂේන් හිරුෂ, දිනිඳු ආකේෂ්, විනෝද් වීරසේකර, මල්ෂික ප්‍රනාන්දු, හංසජ ඉෂාන්, අභීත කෞෂාන්, විදුර අමනෙත්, චලිත රුක්මාල්, එරංග රෂ්මික, ප්‍රදීප ප්‍රනාන්දු මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), අජන්ත ගමගේ (ප්‍රධාන පුහුණුකරු), වසන්ත වර්ණපුර මහතා (සහාය පුහුණුකරු) සහ චතුරංග විජේකෝන් (සහාය පුහුණුකරු)

වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම -
යුනෙත් ද අල්විස් (නායක), රනුක රොද්‍රිගූ, ඔමේෂ් මෙන්ඩිස්, තනුජ් කවිෂාන්, හිරුෂාන් සිල්වා, දිනිල් ප්‍රනාන්දු, අචිර අල්විස්, අදිත එමාෂ, යසිඳු ඉමේෂ්, මෙසිත් ද සිල්වා, රිසිනු ගුණරත්න, රුවින් සිරිවර්ධන, හේෂාන් නවෝද්‍ය, දිනාල් දුල්ෂෙන්, ලෝචන සිරිවර්ධන, සිතිල අකලංක, පුලිඳු චාමර, යෙනුල දෙව්තුෂ, චෙනුල ප්‍රනාන්දු, භානුක සිරිවර්ධන, ශාන්ත රොද්‍රිගූ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), කුෂාන් ජයවික්‍රම (ප්‍රධාන පුහුණුකරු) සහ කල්ප ප්‍රනාන්දු (පුහුණුකරු)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...