. තිස්ස මැදි විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2017 ජූනි මස 29 වැනි බ‍්‍රහස්පතින්දා
තිස්ස මැදි විදුහල අවසන් තරගයට
2016-12-12 18:02:53 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල අද (12 වැනිදා) සමත් විය. තිස්ස මැදි විදුහල I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.

කොට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් තිස්ස මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කෝට්ටේ ආනන්ද ශ්‍රස්ත්‍රාලයට එරෙහිව කළුතරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් තිස්ස මැදි විදුහල අවසන් පූර්ව වටයට පිවිසි අතර පානදුර රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසියේ රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව පානදුරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුවය.


කළුතර තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 45.2 කදී කඩුලු 9 ක් දැවී 149  
(මිතිර තේනුර 70, සචින් චමුදිත 25/3, තිවංක සිල්වා 53/2)
 
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 61 කදී සියලු දෙනා දැවී 139
(තරිඳු හර්ෂණ 42, හර්ෂික සිල්වා 27/3, මිතිර තේනුර 38/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි...
2017-06-27 21:31:21
සිම්බාබ්වේ පිලට එරෙහිව අනිද්දා (30) ගාල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...