. ගිරි දුර්ග මැදින් - මඩ කඩිති උඩින් ගමන ඇරඹෙයි | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
ගිරි දුර්ග මැදින් - මඩ කඩිති උඩින් ගමන ඇරඹෙයි
2017-01-03 21:37:46 | .

ඉකුත් වසරරේ පැවැති ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනාගත්  ඕසටේ‍්‍රලියානු කේ. ටී. එම්. යතුරුපැදි ධාවක ටොබි ප‍්‍රයිස්, කිලෝ මීටර 8800 කින් සමන්විත ඩකාර් රැළිය ආරම්භ කරමින් ඊයේ (2 වැනිදා) පළමු වැනියා ලෙස තරගයට අවතීර්ණ විය.

සති දෙකක් පුරා පැවැත්වෙන මෙවර රැළියේ පළමු අදියරේදී තරගකරුවන්ට බොලීවියාවේ විසම කදුකර භූමි ප‍්‍රදේශ පසුකරමින් කිලෝ මීටර් 454 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර ඊට  කිලෝ මීටර් 38.5 ක දුරකින් සමන්විත වූ විශේෂිත අදියරක්ද ඇතුළත්ය.

ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ උපත ලද ටොබි ප‍්‍රයිස් ඩකාර් රැළියක් ජයගත් පළමු  ඕස්ටේ‍්‍රලියානුවා මෙන්ම යුරෝපීය සම්භවයක් නොමැති පළමු කී‍්‍රඩකයාද වේ. ඉකුත් වසරේ මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගත් ප‍්‍රංශ ජාතික ස්ටෙපාන් පීටර්හැන්සල්ටද පෙර ඊයේ පෙරවරු 11.04 ට ටොබි ප‍්‍රයිස්, ඩකාර් රැළිය ආරම්භ කරමින් තරග බිමට පිවිසියේය.

පර්ජෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් තරගයට එක්ව සිටින පීටර්හැන්සල් මේ වන විට 12 වරක් ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව දිනා සිටින අතර මේ වසරේදී සිය 13 වැනි ශූරතාව දිනාගැනීමේ අරමුණින් ඔහු තරගයට එක්ව සිටියි. නම වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ්, පීටර්හැන්සල්ගේ පර්ජෝ කණ්ඩායම් සගයා ලෙස කටයුතු කරයි.

මෙවර ඩකාර් රැළියේ සමාරම්භක අදියරට තරගකරුවන් 318 ක් සහභාගි වූ බව වාර්තා වන අතර ඊට යතුරුපැදි 144 ක්ද, මෝටර් රථ 87 ක්ද, රෝද හතරේ යතුරුපැදි 37 ක්ද, ට‍්‍රක් රථ 50 ක්ද අන්තර්ගත වී තිබේ.  

ජනවාරි මස 14 වැනිදා තරගය නිමා කිරීමට පෙර සියලූම යතුරුපැදිකරුවන්ට මෙන්ම සියලූම මෝටර් රථ සහ ට‍්‍රක් රථ රියැදුරන්ට කිලෝ මීටර 4000 ක පමණ දුරකින් සමන්විත විශේෂිත අදියර රැසක් ආවරණය කිරීමට සිදුවන බව තරග ආරම්භයේදී සංවිධායකයෝ පැවසීය.

-036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...
විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක් ...
2017-03-28 20:04:26
ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන &l...