. ආනන්ද - නාලන්ද - මාරිස්ටෙලා - මැසිනොද් ජය වාර්තා කරති | කෙළිමඬල
2017 මාර්තු මස 28 වැනි අගහරුවාදා
ආනන්ද - නාලන්ද - මාරිස්ටෙලා - මැසිනොද් ජය වාර්තා කරති
2017-01-09 17:36:12 | ශානුක අරවින්ද

‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) පැවැති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ ආනන්ද, මීගමුව මාරිස්ටෙලා, කඳාන ද මැසිනොද් සහ කොළඹ නාලන්දා විදුහල් සමත් විය.

අද පැවැති තරගවලදී ඉහළම ජයග්‍රහණය වාර්තා කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර ඒ ගෝල 5-0 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරමිනි. එහිදී තත්සර ප්‍රනාන්දු (පළමු මිනිත්තුවේදී), නිසල් ද සිල්වා (18 වැනි මිනිත්තුවේදී), අංජන ගුණවර්ධන (38 වැනි මිනිත්තුවේදී), මොහොමඞ් සාජිඞ් (51 වැනි මිනිත්තුවේදී) සහ කනිෂ්ක ද සිල්වා (60 වැනි මිනිත්තුවේදී) මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් ගෝල ලබාගත්හ.

මල්වාන අල් මුබාරක් මැදි විදුහලට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර ආනන්ද විදුහල වෙනුවෙන් වාර්තා වූ ගෝල 2 ටම හිමිකම් කීමට සචින්ද රත්නායක සමත් විය. තරගයේ 37 වැනි මිනිත්තුවේදී සහ 45 වැනි මිනිත්තුවේදී ඔහු එම ගෝල ලබාගත්තේය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් කඳාන ද මැසිනොද් විදුහල සහ කළුතර මුස්ලිම් මැදි විදුහල අතර පැවැති තරගයේ නියමිත වේලාව අවසන් වන විට දෙපිලම ගෝල 1-1 ලෙස සම තත්ත්වයේ පසු විය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක වූ අතර එහිදී දඬුවම් පහර 6-5 ක් ලෙස ජය අත්කර ගැනීමට කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

අද පැවැති අවසන් තරගයේදී ගෝල 4-0 ක් ලෙස බම්බලපිටිය හින්දු විදුහල පරාජය කිරීමට කොළඹ නාලන්දා විදුහල සමත් විය. නාලන්ද විදුහල වෙනුවෙන් අවිෂ්ක නිපුල් ගෝල 2 ක් (18 වැනි මිනිත්තුවේදී සහ 32 වැනි මිනිත්තුවේදී) ලබාගත් අතර සෙලරු දීමන්ත (45 වැනි මිනිත්තුවේදී) සහ විෂාන් හංසජ (51 වැනි මිනිත්තුවේදී) ගෝලය බැගින් ලබාගත්හ.


දෙවැනි දිනයේදී පැවැති තරග

■    කොළඹ ආනන්ද විදුහල විසින් ගෝල 2-0 කින් මල්වාන අල් මුබාරක් මැදි විදුහල පරාජය කරන ලදි.
■    මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ගෝල 5-0 කින් කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■    කඳාන ද මැසිනොද් විදුහල විසින් දඬුවම් පහර 6-5 කින් කළුතර මුස්ලිම් මැදි විදුහල පරාජය කරන ලදි.
■    කොළඹ නාලන්දා විදුහල විසින් ගෝල 4-0 කින් බම්බලපිටිය හින්දු විදුහල පරාජය කරන ලදි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

දක්ෂතම මෝටර් රථ රියැදුරා අෂාන්...
2017-03-21 21:34:57
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්ම...
ඩී. එස්. - මහානාම 11 වැනි ‘රන් සටන’ 24 -25...
2017-03-21 21:28:13
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවන...
ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...