. රෝහිත් ෂර්මාගෙන් පන්දු 156 කදී ද්විත්ව ශතකයක් | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
රෝහිත් ෂර්මාගෙන් පන්දු 156 කදී ද්විත්ව ශතකයක්
2013-11-02 21:20:42 | .

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (2 වැනිදා) පැවැත්වෙන හත්වැනි එක්දින සීමිත ඕවර තරගයේදී පන්දු 156 කින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් තුන්වැනි පිතිකරුවා බවට පත්විය.

මෙම පිතිකරුවෝ තිදෙනාම ඉන්දීය කී‍්‍රඩකයෝ වෙති. බැංගලෝරයේ චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සිය ඉනිමට හයේ පහර 16 ක් ඇතුළත් කළ රෝහිත් ෂර්මා එක්දින තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ කී‍්‍රඩකයා ලෙස ලෝක වාර්තා පොතට ඇතුළත් විය. රෝහිත් ෂර්මාගේ මෙම ප‍්‍රවේගකාරී ඉනිම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 383 ක් ලබාගත්තේය.

පන්දු 114 කදී සිය ශතකය පසුකළ රෝහිත් ෂර්මා, ඉතිරි ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 42 ක් පමණි. රෝහිත් ලකුණු 120 ක් ලබා සිටියදී උඩපන්දුවක් දුන්නද හතරේ සීමාව ආසන්නයේම පන්දු රකිමින් සිටි මෝසස් හෙන්රිකස්ගේ ඇගිළි අතරින් ඇදී ගිය පන්දුව හතරේ සීමාවෙන් එපිට පතිත වීම නිසා රෝහිත්ට ලකුණු 6 ක් හිමිවිය.

 
එක්දින තරග වලදී ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවෝ

219 - විරෙන්දර් සෙවැග් (බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව) ඉන්ඩෝර්හිදී
209 - රෝහිත් ෂර්මා ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව) බැංගලෝරයේදී
200 - සචින් තෙන්ඩුල්කාර් (දකුණු අපි‍්‍රකාවට එරෙහිව) ග්වයිලර්හිදී

 

ඩිනාස්2013-11-02 22:02:28
එළකිරි...
චාර්යා2013-11-03 11:24:41
මගේ සුබපැතුම්....
නිශාන්ත2013-11-04 08:05:48
නියමයි ශර්මා ඔබට සුබ පැතුම් !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්...
2017-05-24 18:48:02
මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ...