. හැව්ලොක්ස් ගමන ඉක්මන් කරයි | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 24 වැනි සඳුදා
හැව්ලොක්ස් ගමන ඉක්මන් කරයි
2017-01-29 14:54:01 | මිලාන් පෙරේරා

පළමු භාගයේ දී කරට කර සටනක නිරතවූ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට දෙවැනි භාගයේදී අමතක නොවන පරාජයක් උරුම කර දුන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සෙනසුරාදා (28) පැවැති අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 31-10 ක ජයක් වාර්තා කරමින් කුසලානය කරා යන ගමන ඉක්මන් කළේය.

සී.ආර්.පිලේ රතුබැනියම් කාරයන්ට ඔවුන්ගේම නිවහනේදී පිට පිට දෙවැනි පරාජය අත්විඳීමට ඉඩ සැලැසූ හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඊයේ තරගයේ දී ගෝල් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 4ක් වාර්තා කිරීමට සමත්වූ අතර සී.ආර්.පිලට ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගන්නවා හැරෙන්නට ඊට වැඩි යමක් කරන්නට නොලැබිණ. රතු බැනියම් කාරයන්ට වැඩිම පීඩනයක් ගෙනදුන් ක්‍රීඩකයා බවට පත්වූ දුලාජ් පෙරේරා තරගය පුරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටම (16) හිමිකම් කීවේ තවදුරටත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගනිමිනි.

කවිඳු පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රීසා මුබාරක් සී.ආර්.පිල ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව පිට පිට දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලට ලකුණු 6 ක් ගෙන දුන්නේය.

තරගයේ 36 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කරගත් රිසා මුබාරක් රතු බැනියම්කාරයන්ගේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමුවේය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර නායක සුදර්ශන මුතුතන්ත්‍රී තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු 11-10 කින් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් පිල සමත්විය.

දෙවැනි භාගයේ දී තවත් දඬුවම් පහර 2 ක් සාර්ථක කරගත් දුලාජ් පෙරේරා හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළට ඔසවා තැබූ අතර අනතුරුව ලිස්ටන් ෆ්ලැට්නි තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ දුලාජ් ලකුණු 24-10 කින් සිය කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය.

සුදම් සූරියආරච්චි තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට දුලාජ් සමත්විය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ළාබාල ඒරන්ගෙන් ලොකු හපන්කමක්...
2017-04-18 20:25:01
තායිලන්තයේ බුරිරැම් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැති ආසියානු මාර්ග ධාවන යතුරුපැදි ශූරතාවලියේ දෙවැනි අදියරේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්&zw...
සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
ඉම්රාන් ඛාන් මැජික් මිලියන් කුසලානය ගෙනෙයි...
2017-04-17 13:19:25
රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ තෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘මැජික් මිලියන් කුසලාන’ ත...