. ‘ටී-කප්’ සවාරිය අප්‍රේල් 7 දා සිට | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
‘ටී-කප්’ සවාරිය අප්‍රේල් 7 දා සිට
2017-01-31 19:08:34 | ශානුක අරවින්ද

ලංකා ස්පෝට්රයිසන් ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ටී-කප්’ මවුන්ටන් පාපැදි සවාරිය අප්‍රේල් මස 7, 8 සහ 9 යන දින වලදී දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බස්නාහිර වරළ තීරය (මීගමුව) දක්වා දක්වා පැවැත්වේ.

අදියර තුනකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර අප්‍රේල් මස 7 වැනිදා ආරම්භ වන අතර එහිදී තරගකරුවන්ට පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ හරහා මහියංගනයට පැමිණීමට සිදුවේ. එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 140 කි.

දෙවැනි අදියර අප්‍රේල් මස 8 වැනිදා මහියංගනයෙන් ආරම්භ වන අතර එහිදී තරගකරුවන් හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, රඹුක්වැල්ල, ඔරුතොට, කිරිමැටිය සහ මහයියාව පසුකරමින් මහනුවර දක්වා කිලෝ මීටර් 80 ක දුරක් ගමන් කළ යුතුය.

අප්‍රේල් මස 9 වැනිදා මහනුවරින් ආරම්භ වන තෙවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 120 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණිමෙන් එම අදියර අවසන් වේ.

තරගයට සහභාගි වන තරගකරුවන් ලියාපදිංචි කිරීම අප්‍රේල් මස 5 වැනිදා මීගමුව කැටමරන් හෝටලයේදී පැවැත්වෙන අතර 6 වැනිදා එම තරගකරුවන් සියලු දෙනා තරග ආරම්භය සඳහා මීගමුවේ සිට පාසිකුඩා දක්වා රැගෙන යනු ලැබේ.

තරගයේ පළමු ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාගේ සිට 20 වැනි ස්ථානය හිමිකර ගන්නා ක්‍රීඩකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සඳහා වෙන්කර ඇති මුලු මුදල රුපියල් මිලියන 3 කට ආසන්න වන බව සංවිධායකයෝ පවසති.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගය සඳහා දෙස් විදෙස් තරගකරුවන් රැසක් සහභාගි වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනාටම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය සූදානමින් සිටියි.

 

 

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...