. ගුවන් හමුදා ක්‍රීඩකයෝ සී. එච් පිල අසරණ කරති | කෙළිමඬල
2018 මැයි මස 27 වැනි ඉරිදා
ගුවන් හමුදා ක්‍රීඩකයෝ සී. එච් පිල අසරණ කරති
2017-02-04 14:41:32 | මිලාන් පෙරේරා

ගුවන් හමුදා රග්බි පිල හමුවේ ලකුණු 53-17 පරාජයක් උරුම කරගත් සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි වරටත් පරාජයේ වේදනාව විඳ දරාගත්තේය. රත්මලාන ගුවන් හමුදා පිටියේ දී සිකුරාදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 26-12 කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය පුරා උත්සාහක දිනුම් 9 ක් තබමින් සී.එච්. පිල පහළටම ඇද දැමූහ. ඉන් 4ක්ම ගෝල බවට පත් කිරීමට සමත්වූයේ ගයන්ත ඉද්දමල්ගොඩය. සඳරුවන් අධිකාරී, සාරක වැරැල්ල, කෞෂාල් මනුප්‍රිය සහ පබසර හේවගේ ගුවන් හමුදා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් 2 බැගින් තැබීමට සමත් වූ අතර ඉතිරි උත්සාහක දිනුම තබනු ලැබුවේ දිනේෂ් වීරරත්න විසිනි.

බිමල් ජයසිංහගේ උත්සාහක දිනුම් 2 ත්, රෙයාන් ප්‍රනාන්දුගේ උත්සාහක දිනුමත් හැරුණු විට සී.එච්. පිලෙන් වැඩි දස්කමක් පෙනෙන්නට තිබුණේ නැත.

සඳරුවන් අධිකාරීගේ උත්සාහක දිනුමක් ගයන්ත ඉද්දමල්ගොඩ විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් 7-0 කින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ගුවන් හමුදා පිල පළමු භාගය නිමාවෙද්දී උත්සාහක දිනුම් 4 ක්ම තබා තිබිණි. ඉතිරි උත්සාහක දිනුම් 5 ම වාර්තා වූයේ දෙවැනි භාගයේදීය.

මෙවර තරගාවලියේ සී.එච්. පිලට ඉතිරිව ඇති අන්තිම තරගය ලබන සති අන්තයේ මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගය පමණි. එබැවින් තරගාවලියේ පරාජිතයන් අතර ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම බවට පත්වෙමින් අසාර්ථක තරගාවලියක් නිමා කරගැනීමට හැර සී.එච්. පිලට කළ හැකි අන් දෙයක් නොමැත.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
මාරියා ෂරපෝවා ...
2018-05-22 18:36:12
“ටෙනිස් කියන්නේ එහෙම පිටින්ම ආත්මාර්ථකාමී ක්‍රීඩාවක්. ඒත් තමන්ගේ ජිවිතයට දරු සම්පතක් ලැබිම වගේ සංවේදි මානුෂික සිදුවීමක් නිසා මේ අවස්ථාව ඇ...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...