. මීගොඩ පාපැදි ශූරයා අවිශ්ක | කෙළිමඬල
2018 ජූනි මස 22 වැනි සිකුරාදා
මීගොඩ පාපැදි ශූරයා අවිශ්ක
2017-02-06 18:12:56 | නාමල් පතිරගේ

මීගොඩදී පෙරේදා (4 වැනිදා) පැවැති කිලෝමීටර 140ක නිදහස් සමරු රේසින් පාපැදි තරගයේ ජය ප්‍රවීණ පාපැදි ශූරයෙකු වන අවිශ්ක මැඩොන්සාට හිමිවිය. තරගකරුවෝ 129 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගය ඉන් 55 දෙනෙකු නිමාවට පත් කළ අතර දිනුම් කණුව කරා දෙවැනි තරගකරුට වඩා තත්ත්පර 10කට කලින් ළඟාවූ ජයග්‍රාහී මැඩොන්සාගේ තරග නිමි කාලය පැය 2 විනාඩි 53 තත්ත්පර 57ක් ලෙස සටහන් විය.

මෙම වසරේදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙහෙයවූ පළමු ශ්‍රේණිගත රේසින් පාපැදි සවාරිය මෙය වූ අතර ඊට සහභාගි වූ දකුණු ආසියාවේ වේගවත්ම පාපැදි ධාවකයා ලෙස සැලකෙන ජීවන් ජයසිංහ තරග අවසන් භාගය දක්වා මුල් තරගකරුවන්ගේ පොකුරේ පැමිණියත් ඔහුගේ පාපැදියේ අසුන කැඩීයාම නිසා ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රහය හා සහයෝගයෙන් පැවති මෙම පාපැදි සවාරියේ ජයග්‍රාහී මැඩොන්සාට රුපියල් 75000ක ත්‍යාගයක් ප්‍රදානය කෙරිණි.

දෙවනි, තෙවැනි හා සිව්වැනි ස්ථාන සඳහා රුපියල් 50000, 40000, 30000ක් පරිදිද එතැන්
සිට 30 වැනි ස්ථානය දක්වා රුපියල් 5000ක් වන තෙක් තවත් මුදල් ත්‍යාග රැසක් මෙම පාපැදි තරගයේදී ප්‍රදානය කෙරුණි.

පළමු තැන ගත් මැඩොන්සා වයස 23න් පහළ කාණ්ඩයේ ජාතික ශූරයා වන අතර නොබෝදා අනුරාධපුරයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩල ආසියානු ක්‍රීඩා උළෙල තේරීමේ තරගයේ වේගවත්ම ක්‍රීඩකයා බවටද පත් විය.


මීගොඩ පාපැදි (රේසින්) සවාරියෝ (කිලෝමීටර් 140) ජයග්‍රාහකයෝ.

1 අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව - පැය 2 විනාඩි 53 තත්ත්පර 57)
2 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - 2.54.10)
3 ප්‍රගීත් සිල්වා (ගුවන් හමුදාව - 2.54.14)
4 දේව් නුගේරා (ගුවන් හමුදාව)
5 අසේන් තාරුක (ගුවන් හමුදාව)
6 ලක්‍ෂ්මන් විජේරත්න (යුද හමුදාව)
7 සී.එම්. විරාජ් (වරාය අධිකාරිය)
8 චාමික සඳුන්කුමාර (වරාය අධිකාරිය)
9 නිෂාන්ත පෙරේරා (දෙහිවල - ගල්කිස්ස)
10 සම්පත් වීරසිංහ (යුද හමුදාව)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...