. සනායා - දෙව්මිත් - අයිලා ද්විත්ව ශූරතා දිනති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 25 වැනි සෙනසුරාදා
සනායා - දෙව්මිත් - අයිලා ද්විත්ව ශූරතා දිනති
2017-02-09 21:25:38 | ශානුක අරවින්ද

කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කළ මේසපන්දු තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට සනායා බුද්ධදාස, දෙව්මිත් වීරසේන සහ අයිලා චිට්ටි යන ක්‍රීඩික ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වයස 12 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් කොළඹ විශාකා විදුහලේ සනායා බුද්ධදාස ඉන් නොනැවතී විවෘත කාන්තා ශූරතාවද දිනාගනිමින් ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවාය. වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි හමුවේ පරාජය වීම නිසා සනායාට ත්‍රිත්ව ශූරතාවක් අත්කර ගැනීමට තිබූ අවස්ථාව මඟහැරීණ. අයිලා චිට්ටි ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේ වයස 15 න් පහළ සහ 18 න් පහළ බාලිකා ශූරතා දිනාගනිමිනි.

වයස 15 න් පහළ සහ 18 න් පහළ බාලක ශූරතා දෙකම තමන් සතුකර ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙව්මිත් වීරසේන සමත් විය. එම වයස් කාණ්ඩ දෙකේම අවසන් මහ තරග වලදී දෙව්මිත් හමුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ සවරේ චිට්ටි පරාජයට පත් විය.

තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට නාවික හමුදාවේ තරිඳු පෙරේරා සමත් විය. අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලේ සුපුල් වික්‍රමසිංහ පරාජය කරමින් එහිදී ඔහු ශූරතාව ලැබීය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ.

අවසන් තරග ප්‍රතිඵල (බාලක)

■    වයස 8 න් පහළ
සෙතික් දින්සර (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ෂිනාල් අමරතුංග (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/06, 13/11)

■    වයස 10 න් පහළ
දුල්කිත ජයරත්න (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ශලුක මතීෂ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/04)

■    වයස 12 න් පහළ
ඔෂාන් සෙනරතාරච්චි (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සඳින් මෙත්මල් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (10/12, 09/11, 11/06, 11/07, 12/10)

■    වයස 15 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-2 ක් ලෙස සවරේ චිට්ටි (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි. (11/09, 03/11, 08/11, 13/11, 11/06)

■    වයස 18 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙ සවරේ චිට්ටි (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/09, 11/09, 12/10)

අවසන් තරග ප්‍රතිඵල (බාලිකා)

■    වයස 8 න් පහළ
සස්මි නෙහන්සා (ගොඩගම සුභාරතී මහාමාත්‍ය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මෙකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/09, 11/08)

■    වයස 10 න් පහළ
සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සඳින්තී ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/04)

■    වයස 12 න් පහළ
සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/04, 11/04)

■    වයස 15 න් පහළ
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/04, 11/05, 10/12, 11/03)

■    වයස 18 න් පහළ
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස විලන්‍යා දුල්මිනි (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/06, 11/09, 11/08)

විවෘත තරග ප්‍රතිඵල

■    විවෘත පිරිමි
තරිඳු පෙරේරා (නාවික හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස සුපුල් වික්‍රමසිංහ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි.

■    විවෘත කාන්තා
සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි.

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...
දික්වැල්ල තරගයේ වාසිය වීසිකර දමයි...
2017-11-24 19:00:24
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාග්පූර් නුවරදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පන්දුවට පහර දෙමින් සිටි...