. ක්ලිෆර්ඩ් කුසලාන තරග 17 දා ඇරඹෙයි | කෙළිමඬල
2017 මැයි මස 29 වැනි සඳුදා
ක්ලිෆර්ඩ් කුසලාන තරග 17 දා ඇරඹෙයි
2017-02-14 20:13:05 | .

දේශීය රග්බි පිටියේ විශිෂ්ටයන්ගේ තරගාවලිය ලෙස සැලකෙන ක්ලිෆර්ඞ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මේ මස 17 වැනිදා ඇරැඹේ. රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායම් 8 ක් තරග වදින මේ තරගාවලියට ලීග් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය, ලීග් අනුශූරතාව දිනූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය සමග සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තරග වදිති.


අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ  දෙවැනි කොටස ලෙස අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන මේ තරගාවලිය මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන අතර එදිනම සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි.


අවසන් පූර්ව වටයේ තරග පෙබරවාරි මස 22 සහ 23 දෙදින පැවත්වෙන අතර අවසන් මහා තරගය 26 වැනිදා පැවැත්වීමට නියමිතය.


පසුගිය වසරේ තරගාවලියේ දී සී.ආර්. කණ්ඩායම පරදවා කුසලානය දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලානය වැඩිම වාර ගණනකදී දිනාගත් කණ්ඩායම බවට පත්වූයේ 19 වැනි වරටය. සී.ආර්.කණ්ඩායම 14 වරක් කුසලානය දිනා ඇති අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අවස්ථා 13කදී ක්ලිෆර්ඞ් කුසලානය අත් කරගත්තේය.


පොලිස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලානයට හිමිකම් කී අවස්ථා ගණන 8 ක් වන අතර සී.එච්. පිල වාර 7 කදි මේ කුසලානයට හිමිකම් කීවේය. යුද හමුදා පිල 2 වතාවක් ද, ගුවන් සහ නාවික හමුදා පිල එක් අවස්ථාවක දී ද ක්ලිෆර්ඞ් කුසලානය දිනාගෙන තිබේ.

 
තරග කාලසටහන

පෙබරවාරි 17

■    මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල පිටියේදී

■    සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී

 

පෙබරවාරි 18

■    හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී

 

පෙබරවාරි 19

■    නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී

 

පෙබරවාරි 22 -23 අවසන් පූර්ව වටය

 

පෙබරවාරි 26 අවසන් මහා තරගය

 

- 066


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ජපානයට ගියොත් ආනන්ද බේරගන්න පුළුවන් ...
2017-05-25 21:52:30
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රව...
ඕස්ට්‍රේලියාවට කඩුලු 2 ක ජයක්...
2017-05-26 15:32:44
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
සංගා සරේ වාර්තා පොතට...
2017-05-26 23:39:03
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ...