. කොළඹ සිට යාපනයට පාපැදි සවාරියක් | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
කොළඹ සිට යාපනයට පාපැදි සවාරියක්
2017-02-21 20:20:25 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන 18 වැනි ‘ගුවන් හමුදා පාපැදි සවාරිය’ මාර්තු මස 3, 4 සහ 5 යන දින වලදී කොළඹ සිට යාපනය දක්වා පැවැත්වේ.

අබාන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3 කින් සමන්විත වන අතර එහි මුලු‍ දුර ප්‍රමාණය කිලෝ මීටර් 415.2 කි. ඊට සහභාගී වීමට නියමිත පාපැදිකරුවන් සංඛ්‍යාව 150 කට අධිකය.

පිරිමි තරගයේ පළමු අදියර මාර්තු මස 3 වැනිදා පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී පුත්තලම දක්වාත් (කි. මි. 128.2), දෙවැනි අදියර 4 වැනිදා පුත්තලමේ සිට වව්නියාව දක්වාත් (කි. මි. 138.5), තෙවැනි අදියර 5 වැනිදා වව්නියාව සිට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය දක්වාත් (කි. මි. 148.5) පැමිණීමෙන් අවසන් වේ.

කාන්තා තරගය මාර්තු මස 5 වැනිදා පෙරවරු 8.30 ට කිලිනොච්චියේ අබාන්ස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වී යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය දක්වා පැමිණීමෙන් අවසන් වේ. එහි දුර කිලෝ මීටර 69 ක් වන අතර තරගකාරිණියන් 30 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වීමට නියමිතය.

පිරිමි තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 300,000 ක මුදල් ත්‍යාගයක් හිමිවන අතර දෙවැනි ස්ථානයට රුපියල් 200,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 100,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 50,000 ක්ද, පස්වැනි ස්ථානයට 40,000 ක්ද ආදී වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමේ.

තවද 6 වැනි ස්ථානයට රුපියල් 25,000 ක්ද, 7 වැනි ස්ථානයට රුපියල් 20,000 ක්ද, 8 වැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, 9 වැනි සහ 10 වැනි ස්ථානය වලට රුපියල් 10,000 බැගින්ද, 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින්ද, 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින්ද පිරිනැමීමට නියමිතය.

වයස 23 න් පහළ ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාට රුපියල් 75,000 ක් සහ වේගවත්ම ක්‍රීඩකයාට (ස්ප්‍රින්ට් ශූරතාව) රුපියල් 30,000 ක් වශයෙන් මුදල් ත්‍යාග හිමිවන අතර පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 100,000 ක් සහ එහි අනුශූරයන්ට රුපියල් 50,000 ක් පිරිනැමීමටද සංවිධායක කමිටුව සූදානමින් සිටියි.

කාන්තා තරගයේ ජයග්‍රාහිකාවට රුපියල් 75,000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රුපියල් 50,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 25,000 ක්ද, සිව්වැනි ස්ථානයට රුපියල් 15,000 ක්ද, පස්වැනි ස්ථානයට රුපියල් 10,000 ක්ද බැගින් පිරිනැමීමට නියමිතය. තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාවට (ස්ප්‍රින්ට් ශූරතාව) රුපියල් 10,000 ක්ද, කාන්තා කණ්ඩායම් ශූරතාව සඳහා රුපියල් 30,000 ක්ද පිරිනැමේ.

ඉන්දියාව සහ පකිස්තානය නියෝජනය කරමින් පාපැදි කණ්ඩායම් 2 ක් මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත බව ගුවන් හමුදා මුලස්තානයේදී තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෘප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසීය.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 5 වැනිදා පස්වරු 5.00 සිට යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

අබාන්ස් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්න පතිරණ මහතා විසින් ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතාට අනුග්‍රාහක චෙක් පත ප්‍රදානය කරන ලද අවස්ථාව.... ගුවන් හමුදා පාපැදි සංගමයේ ලේකම් ගෘප් කපිතාන් කිත්සිරි ලීලාරත්න (දකුණේ) සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපති අජිත් ප්‍රියශාන්ත යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.


ඡායාරූපය - ෂමීර රාජපක්ෂ


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...
විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක් ...
2017-03-28 20:04:26
ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන &l...