. ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 30 වැනි ඉරිදා
ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති
2017-02-21 20:29:25 | ශානුක අරවින්ද

මීගමුව ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩී. එස්. ධර්මසේන සහ ආර්. ඒ. රණවීර සමත් වූහ.

අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ප්‍රංශයේ ඬේවිඞ් ඩැල්මසෝ සහ ඕස්ට්‍රේරලියාවේ ස්ටීවන් රොචෙකොස්ට් පරාජය කරමින් ධර්මසේන සහ රණවීර ශූරතාවට හිමිකම් කීහ. එම තරගයේ ලකුණු තත්ත්වය 6/2 ක් සහ 6/2 ක් ලෙස සටහන් විය.

අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස (7/5, 6/1) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා වන ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා පරාජය කරමින් ධර්මසේන සහ රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඩැල්මසෝ සහ රොචෙකොස්ට් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-1 ක් ලෙස (4/6, 6/4, 10/7) මැලේසියාවේ සකුවාන් ඇරිෆින් සහ සමා බෝර්හාන් පරාජය කරමිනි.

මෙම තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වූ අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 8 ක්ද, මැලේසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක්ද, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක් කණ්ඩායමක්ද, ප්‍රංශය සහ ඕස්ට්‍රේරලියාව නියෝජනය කරමින් එක් කණ්ඩායමක්ද ඇතුලත් විය.

මෙම තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට ප්‍රංශයේ ඬේවිඞ් ඩැල්මසෝ සමත් වූ අතර ශ්‍රී ලංකාවේ ගාමිණි දිසානායක තරග වට 3-1 ක් ලෙස (6/1, 3/6, 11/9) අවසන් මහ තරගයේදී ඩැල්මසෝ හමුවේ පරාජයට පත් විය. කේවල තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයෝ 32 ක් සහභාගි වූහ.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

සෙරීනාගෙන් නස්ටාසේට අභීත පිළිතුරක්...
2017-04-26 00:17:27
“ඔබට ඔබේ වචනවලින් මට වෙඩි තියන්න පුළුවනි. ඔබේ වෛරී අදහස්වලින් මාව මරා දමන්න පුළුවනි. ඒත් මම සුළඟ වගේ නිතරම අභීතව නැගි සිටිනවා”...
ආදිත්‍යා 205 වැනි තැනට...
2017-04-26 15:59:28
වයස 18 න් පහළ (බාලිකා) ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 205 වැනි ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ආදිත්‍යා කරුණාරත්න සමත් වී ඇ...
අශාන් සිල්වා විශිෂ්ට පුනරාගමනයක...
2017-04-23 19:40:09
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 ...
ආනන්ද වෙඩිසිංහ දැඩි සත්කාර ඒකකයට...
2017-04-25 16:56:46
නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී දරුණු අනතුරකට මුහුණදුන් ප්‍රවීන යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මේ ව...